Wednesday, November 18, 2009

මගේ සොඳුරිය...



සරසවිවල , පන්ති කාමරවල සහ අහස පොළොව යට
සිටිනව ආදරවන්තයින් සයුරේ වැලිකැට ගනනට
ඔවුන් දොර වසනව ආදරයේ ලින්ගිකත්වයට
යට වෙනව ධනවාදී අතුරුඵලවලට

නමුත් මගේ සොඳුරිය හොදට
දන්නව ආදරයේ නියම පාට
ඇයත් කැමතියි අත් අල්ලාගෙන සිටීමට
ආදරය යනු එපමණක් නොවන බව තේරෙනව ඇයට

දැවෙන ගිනිසිළු සහ මිදුනු අයිස් කැට
සේ විශ්වාසයි ඇයව මට
ඇය මටත් වැඩියෙන් කැමතියි සන්ගීතයට
සෑමදාම වැලන්ටයින් අපිට

විශ්වයේ විශාලත්වය තරමට
විශාලයි මගෙ සොඳුරියගේ හද වැඩියෙන් එයට
ඇයත් කැමතියි ජයග්‍රහණයෙ රසයට
උත්සහය එයට වඩා වැදගත් බව තේරෙනව ඇයට

සුදු සහ කළු අතර වෙනස කදිමට
වටහා ගන්නව ඇය හනිකට
ඇය සමහරවිට ඉඩදෙනව නිහඬතාවයට
එය ලස්සන ආභරණයකි ඇයට

රජ මාළිගයෙ කිඳුරු කුමරියට
ඉරිසියයි ඇයගෙ නපුරු සොහොයුරියන් යසට
මගේ සොඳුරියටත් දැනෙනව ඉරිසියාව ඉදහිට
රහසින් හෝ ආදරයට සැවොම කැමති බව තේරෙනව ඇයට

Wednesday, November 4, 2009

මනීෂා...



මනීෂා
මනීෂාගේ රෝස කම්මුල් දිගේ
ඇද හැලෙන දිය බිදුව ඇයගේ
ආදරයේ ආලෝකයෙන් මවයි දේදුන්නක්

මනීෂා
කැමතියි සා පැටවුන්ට අනේ
ආදම් සහ ඒවාගේ උයනේ
නැහැ ඇයට වැඩියෙන් සුරතල් සා පැටවෙක්

මනීෂා
ඇයගේ සිහින් කන් පෙත්ත වටේ
එතුනු දඟකාර කෙස් රොදේ
ස්පර්ශ කරයි හොරහින් තෝඩුවක්

මනීෂා
මනීෂයි මමයි හොර රහසේ
වගෙයි ඇගේ සුදු කමිසේ
එතුනු මල් මල් රටාවක්

Tuesday, October 27, 2009

The day dream...



have ever seen
a day dream
so real
and so sad

you got lifted
from your bed
you feel happy
and free

and your flying in the sky through the clouds
between the birds and Airplanes
you look down and you can see tiny people buildings and trees
they look so funny
after a while you notice that you are a kite
and someone is holding the other end of line
and suddenly he lets go

you come gliding down
settle slowly
on the grass
in some strange land

when you open you eyes
you are surrounded by
little colorful clowns
midgets and freaks

they tell you to follow them and you do just as they say
they dress you and paint you and play games with you
a little girl hold your hand, she holds a flower in her other hand
she guides you into a big circus and suddenly you notice that
your also a clown

the ring master gives you the grandest of welcomes
as he says to you to jump through the ring of fire
a quite successful jump you perform for the cheers of the crowd
but you a bit burnt and a bit torn and unhappy

now in the night
you sit by
your caravan
all alone

you look up
see the starry sky
wonder what all this is about
confused and misused

have ever seen
a day dream
and at the end of it all
your dead

Wednesday, October 21, 2009

දායබර මුතූ...



දායබර මුතූ...
නිවාදමන්න ඔබෙ බැල්කනියෙ දැල්වෙන විදුලි බුබුල රතූ
දායබර මුතූ...
ඉවතලන්න තෙරපුණු ප්ලාස්ටික් කැබලි ඔබෙ පසුම්බියෙ රතූ
දායබර මුතූ...
පිසදා දමන්න තොල්පෙති වල ඔබ ඇතිරූ සායම් රතූ
දායබර මුතූ...
පුළුස්සා දමන්න රාත්‍රියට ඔබ පළදින අර සරාගී සළුව රතූ

මම මන්ගල ගවුම රැගෙන එන්නම්
ඔබට මගුල් මුදුව පලන්දන්නම්
ඔබෙ දරුවාට පියා වෙන්නම්
ඔබට හදවතින්ම ආදරය කරන්නම්

දායබර මුතූ...
අද සිට ඉඩ නොදෙන්න නන්නාඳුනනයන්ට ස්පර්ශයට සිරුර ඔබෙ පිවිතුරු
දායබර මුතූ...
අද සිට සැරි නොසරන්න පාළු විථි වල මැදියමෙන් පසු
දායබර මුතූ...
අද සිට මකා දමන්න ඔබෙ මතකයන් කුරිරු
දායබර මුතූ...
හෙට සිට බාර දෙන්න ගෙහිමියාට කාමරයෙ යතුර ඔබ සතු

අද රාත්‍රියට ඔබ සුවසේ නිදන්න
නව ජීවිතයක් ගැන සිහින දකින්න
හෙට උදෑසනින්ම අවදි වෙන්න
නිදහස් චතුරශ්‍රය ළඟට එන්න

based on Roxanne by Police

Sunday, October 18, 2009

රොක්සීන්...



අඳුරු ආගාධෙන්
සාතන්ගෙ මැදුරෙන්
ගිනිජාලා අතරින්
එළියට ඇවිදින්
කන් කළු ස්වරයෙන්
මාව අමතමින්
සරාගි විලසින්
මායා දසුන් පෙන්වමින්

අර්ධ නිරුවතින්
සැරි කුමාරිකාවන්
සුනඛ සෙබලියන්
සහ සිරකරුවන්
සමග වැතිරෙමින්
ඇය කූටෝපායෙන්
උන්ව ස්පර්ශයෙන්
ශයිලම කරමින්

උරග විෂෙන්
පිළි මදුවිතයෙන්
ඇය ආදරයෙන්
සන්ග්‍රහ කරමින්
බලවත් ආශාවෙන්
දෙතොල් නලවමින්
පිහිතලය අගින්
රුධිරය රසබලමින්

ඔබ කවුද රොක්සීන්...
ඔබ කවුද රොක්සීන්...

Wednesday, October 14, 2009

Lets swim...



Let me take you to the heaven
save you from your ordinary prison
your normal life
let me drink from your portion
let me eat the fruit of your garden
I'm a hungry person

Swim in the river of Ecstasy
little child
Swallow my medicine and you'll feel all right
sick child
Release your self completely over me
beautiful child
Close your eyes and realize
you foolish child

To your bed i will come
in the night of the darkness
with all my evil and my enemies
yes, gently i will touch and taste
your sweet soft skin
while your asleep in your bed

Lets swim...

Come to me your mine and I'm your
and no,one can come between us
you can also give it a try
I'll bury my soul my heart
my body and mind
inside you my child

Oh you don't have to be afraid
No you don't need to hide
You just surrender your mind
You just let me inside
You will get so high
and so will i
My sweet child
My wicked child
My cruel child
My hungry child

Lets swim ......

Monday, October 12, 2009

අළුයම...



ඔසවයි නැවතත් ඉහටම
නිදිබර මැලියෙන් - විකටයන් කුඩාරම
සැරසෙයි සර්කසයට
දිගු කර රිදී අසිපත
පොළොව දෙසට - සතුරන් දෙසට
සක්‍ර කුමරුන් සැරසෙයි යුධයට

මග දෙපස නැවුම් විලසින්
රැයේදි පිබිදුනු මල් - පිනිබිදු වලට නැහැවෙමින්
දෙපසට සැලෙමින් සෙමෙන්
දුම්රිය හඬ ඇසෙයි නුදුරින්
දුම නැගෙයි අහසට - ඇදෙයි කෙමෙන් ඉදිරියට
දෙදරවමින් දෙරන

ඇය උණුසුමට සුවසේ
ඔහු තුරුල්ලෙ - සුදු සයනය මත
එතී ඇතිරිල්ලේ
නොදනුවත්ව ඇය ඇතුලත
මිලියන ගණනින් - නලියන ජීවය
සොයමින් සන්සාරය

Thursday, October 8, 2009

I feel so heavy...



I open my eyes
what do I see
it's time
a relentless march
telling me
that I'm dying

I'm trying to breath
I swear I can smell
the stench
of all the greed
that drives me to hell
I'm drench

I open the door
only to confront
same faces
can't bear it anymore
I say I won't
fill the spaces

I'm feeling the heat
do you fell it too
enough is enough
can't pretend that it's not

monotony, it's tough
i need some timeout
let us rearrange
sometimes we all need a change

I feel so heavy
I'm fed up with the play
I'm through with the story
world turns slowly

I won't tell you
that your lonesome and blue
and you need it too
come and join me

අපිට කමක් නෑ නේද සුදූ...



සෙනසුරාද සවසට සරසවියෙ
සිමෙන්ති බන්කුවෙ - අපි අපේ පාඩුවෙ
ඉරිද උදයට පුස්තකාලයෙ
පිහිනමින් ආදරයේ - ගසක් යට උද්‍යානයෙ

කොපමණ මිනිසුන් හිටියත්
අපි දෙස හොරැහින් බැලුවත්
අපි ගැන මොනවා හිතුවත්
අපිට කමක් නෑ නේද සුදූ...

අනේ අපිට කමක් නෑ
මට ගානක් නෑ
ඇය අකමැති නෑ
ඇයට රිදෙන්නෑ

සිකුරාද දවල්ට ගාලු කොටුවෙ
කුඩයක් යට සෙවනේ - මම ඔබේ තුරුලෙ
සමහරවිට චිත්‍රපට ශාලව
තුලෙ
ෆිල්ම් එක අතරතුරෙ - ඔබ මගේ තුරුලෙ

කොපමණ කොල්ලන් හිටියත්
අපට ඉරිසිය කෙරුවත්
ඔයාගෙ නිතඹට පැණි හැලුවත්
අපිට කමක් නෑ නේද සුදූ...

අනේ අපිට කමක් නෑ
මට ගානක් නෑ
ඇය අකමැති නෑ
ඇයට රිදෙන්නෑ

Saturday, September 26, 2009

The morning song...



sweet soft kiss the morning brings
i'm all tangled up in my bed sheets
the warm taste of tea
recharges my battery
i repeat my faviourite song
in my sterio

i open my window
clouds look so prety so high
fresh flowers dancing for
the colorful rainbow you see

in the morning
in the morning time
in the morning just like the morning dew
in the morning i feel all brand new
in the morning good morning

i am in the bus i'm late
once again
hey mr conductor
i dont have any change
busy people go
where i dont know
in the middle of the road
theres somethings going on

two cars colliding
policeman arriving
people watching
victims yelling

in the morning
in the morning time
in the morning just like the morning dew
in the morning i feel all brand new
in the morning you come

you look so lovely water drops
dirpping down your hair
like a morning fresh flower
i'm glad that your mine

in the morning just like the morning dew
in the morning i feel all brand new
good morninig
good morning to you...

Friday, September 25, 2009

ආතල් ලොලිපොප් එක...



මලීනාවක් නොවෙයි ඇය
ලොලිටාවක් නොවෙයි ඇය
නෙෆ්රටීටියක් නොවෙයි ඇය
ගෙයිෂාවක්ද නොවෙයි ඇය

බුල්ටො ටොපි සහ මුරුක්කු ඉල්ලයි
සොඩා වතුර තිබහට බොයි
ඇය පුරුෂ භක්ෂකයි
හැබයි හරි විනෝදජනකයි

බොන්සායි වරලස සහ අක්රිය මොලය
ප්ලාස්ටික් ජල්ලි පුරවපු පියයුරු බෝල බෝලය
මගෙ මැජික් බඩුව මගෙ විකෘති ආලය
මගෙ පට්ට ආතල් පාරබල් ලොලිපොප් එක

ඇයට ඩබල් බනිසුයි මාජරිනුයි පේන්න බෑ
ඇයට හොරෙන් වෙන සල්ලාල කෙල්ලන් දෙස බල්ලන බෑ
ඇයගෙ නිතඹ බලා මුහුණෙ තතූ කියන්න බෑ
ඇයගෙ ලැම මැද්දෙන් ටීක් බෝල හලන්න බෑ

ඇයට විටෙකදි වගෙයි මොන්ගල්
නැද්ද කොහෙද ඩොන්ගල් එකෙ සිග්නල්
වගෙයි නූල කැඩිච්ච සරුන්ගල්
පාවි පාවි යන ඇතුලට ජන්ගල්

Wednesday, September 2, 2009

මවකගෙ මතක සටහන්...



මට අඳ වගෙ මතකයි එදා
මගෙ දෑතට දුන් විට බබා
මට දැණුනු සැටි

මට අඳ වගෙ මතකයි එදා
මම අවදියෙන් සිට රෑ පුරා
මදුරුවන් එලවු සැටි

අද සැතපුම් ගනනක් ඈතින්
එපිට රටකට ඔවුන් ගොසින්
මේ පාළු නිවස තුළ තනියෙන්
මම එදා මතකයන් සමඟින්

මට අඳ වගෙ මතකයි එදා
චූටි දුවව ගෙන අතින් අල්ලා
පෙරපාසලට ඇරලවන සැටි

මට අඳ වගෙ මතකයි එදා
පළමු දින පාසලේ, ලොකු පුතා
මම එනවිට හැඬු සැටි

අද සැතපුම් ගනනක් ඈතින්
එපිට රටකට ඔවුන් ගොසින්
මේ පාළු නිවස තුළ තනියෙන්
මම එදා මතකයන් සමඟින්

මට අඳ වගෙ මතකයි එදා
සයිකලයෙන් වැටුන විට පුතා
විගස මම දුව ආ සැටි

මට අඳ වගෙ මතකයි එදා
වැන්ද පසු ලොකු ළමයෙක් වෙලා
දූව බඳා ගත්
සැටි

අද සැතපුම් ගනනක් ඈතින්
එපිට රටකට ඔවුන් ගොසින්
මේ පාළු නිවස තුළ තනියෙන්
මම එදා මතකයන් සමඟින්

මට අඳ වගෙ මතකයි එදා...
මට අඳ වගෙ මතකයි එදා...

Monday, August 31, 2009

ආදරයට වෙලාව ඇවිත්...



ජංගම දුරකථනය ඔබෙ, නිවා දමන්න
පාවහන් යුගල ඉවතට වීසිකරන්න
බැඳපු වරලස මුදා හරින්න
සයනය මතට ගොඩ වන්න
ජනෙල් තිර මම වස්සන්නම්
සියලුම දොර අගුළු දමන්නම්
සොඳුරිය මට ඉඩදෙන්න
ඔබෙ බඳ පටිය ලිහිල් කරන්න

ආදරයට වෙලාව ඇවිත්
අපේ වතාව ඇවිත්
ඔබේ ලඟට ඇවිත්
ඉඩ දෙන්න මට ඔබව
වලාකුළෙන් එහා තිබෙන
විමානයට රැගෙන යන්න

හිතේ තියෙන සියළු දත්ත
මකා දමන්න
මාව තදින් බදා ගන්න
ඔබෙ ආශාවන්ට ඉඩ දෙන්න
බිය නොවන්න සොඳුරිය
ශල‍යකර්මය වේගවත්
මම රහසක් පවසන්නම් ඔබට
මෙය මගෙත් ප්‍රතම වතාව

ආදරයට වෙලාව ඇවිත්
අපේ වතාව ඇවිත්
ඔබේ ලඟට ඇවිත්
ඉඩ දෙන්න මට ඔබව
වලාකුළෙන් එහා තිබෙන
විමානයට රැගෙන යන්න

Saturday, August 29, 2009

The Clown wants to know




hey Mr!
do have doubts about your spouse
is it like war inside your house
can you feel the world turning
and your dreams burning

hey woman!
do you have a purpose or a mission
or you just repeat Hollywood fashion
does your daddy give you money
or you helpless bunny

hey boy!
do you believe that your smart
can you even finish what you start
were you torched in school
no your not a fool

hey mother!
do you want your son to reach so high
if he mistreat you would you cry
what if he dies, before he even try
to make you satisfy

hey preacher!
do you interpret your lord
for your own benefits and rewards
your a bold killer with a sword
a complete fraud

hey you!
what will you do if you got cancer
would you say "
I'm sorry my father
I'm sorry my mother
I'm sorry my brother
I'm sorry my sister
I was wrong, all along "

Wednesday, August 26, 2009

අවසානය...



මෙය වේ අවසානය මගෙ ප්‍රිය සොඳුරිය
මෙය වේ අවසානය මගෙ එකම සොඳුරිය
අවසානය...

අපේ ව්‍යාකූල ජීවිත වල - අපේ කාලකණ්නි ජීවිත වල
මිහිතලය මත සියල්ලකම
අවසානය
මෙයින් ගැලවීමක් නැත අපට

මින් මතු මට ඔබේ දෑස් දැකීමට නොලැබෙනු ඇත
මින් මතු මට ඔබේ සියුමැලි ස්පර්ශය නොලැබෙනු ඇත

ඔබට ඔහුව පෙනෙනවද?
සර්ප විලසින් ඇදෙන
සුදුමැලි බිත්ති කොනෙන් පහළට, සෙවනැල්ලක් සේ බසින
කළුම කළු ඇස් රතු
දිලිසෙන රළු සමක් සතු
කෙමෙන් අප දෙසට එන මාර දිව්‍ය රජුව

මෙය වේ අවසානය මගෙ ප්‍රිය සොඳුරිය
මෙය වේ අවසානය මගෙ එකම සොඳුරිය
අවසානය...

අවාසනාවන්ත ජීවිත වල - අර්ථවිරහිත ජීවිත වල
අඳුරු දෙවියන්ගෙ සම්ප්‍රාප්තියට ප්‍රථම
සමරමු මේ මොහොත අප දෙදෙන

මින් මතු මට ඔබේ පහස ලබන්නට නොලැබෙනු ඇත
මින් මතු මට ඔබේ සොඳුරු ස්වර නොඇසෙනු ඇත

ඔබට එලොව පෙනෙනවද?
එලොවෙ නිදහස
එලොවෙ අසීමිත බව
සුදු ලොගුවක් පමණක් දැරූ, හිස මුඩු කල සුදු
නන්නාඳුනනයකුගෙ අත අල්ලාගෙන වෙරළෙන්
සයුර දෙසට යන ඔබගෙ නිරුවත් පිළිරුව

මෙය වේ අවසානය මගෙ ප්‍රිය සොඳුරිය
මෙය වේ අවසානය මගෙ එකම සොඳුරිය
මෙය වේ අවසානය
මෙය වේ අවසානය
අවසානය...

---especial thanks to Jim and the Doors---

Tuesday, August 25, 2009

අපි දවසක යන්නේ නම් මිය, කුමටද මම වන්නේ බිය...



අහෝ! හරිම විහිළුවකි මේ ජීවිතය
අපි දවසක යන්නේ නම් මිය
කුමටද මම වන්නේ බිය
සොඳුරියගෙ පියයුරු ස්පර්ශ කිරිමට...

නිර්වාණය - බෞද්ධයෙකු නම් ඔබ
ස්වර්ගය - කිතුනිවෙකු නම් ඔබ
high එක - මගෙ සොඳුරිය නම් ඔබ
මේවා සොයා යාමට
ඇයි හිතෙන්නෙ මට කම්මැලි

අහෝ, හරිම අභියෝගයකි මේ ජීවිතය
අපි දවසක යන්නේ නම් මිය
කුමටද මම වන්නේ බිය
ප්රසිද්ධියෙ නිරුවත් වීමට...

ලෝකය යනු රඟ මඩලක්ය - ශේක්ස්පියර්
ලෝකය යනු බෝලයක්ය - පයිතගරස්
ලෝකය යනු ටොපියක්ය - සොඳුරිය
මට නම් බැහ වන්නට
තවත් එක සිරකරුවෙක්

අහෝ, හරිම දුෂ්කරයි මේ ජීවිතය
අපි දවසක යන්නේ නම් මිය
කුමටද මම වන්නේ බිය
සියදිවි නසා ගැනිමට...

Monday, August 24, 2009

short cut යුවතියක්...


ඇය වෙයි
අහිංසක යුවතියක් - සතුයි සිහිනයක්
වෙන්න නිළියක් - සුපිරි තරුවක්
ප්‍රශ්න රැසක් - නැත රැකියාවක්
නැත පියෙක් - හිසට වහලක්
වියපත් මවක් - නැගණියට පිළිකාවක්

සල්ලාලයන්ගෙ යුවතියක්
short cut යුවතියක්
අසරණ යුවතියක්
modern යුවතියක්

ඇය දැන්
modern යුවතියක් - short cut යුවතියක්
සල්ලාලයන්ගෙ ගොදුරක් - බඩේ දරුවෙක්
උපයයි මුදලක් - නිවසට සහනයක්
මවට ගැන කිසිවක් - නැත අවබොධයක්
නැත විකල්පයක් - උතුම් කැපකිරීමක්

සල්ලාලයන්ගෙ යුවතියක්
short cut යුවතියක්
අසරණ යුවතියක්
modern යුවතියක්


Friday, August 21, 2009

මලීන...




මලී
වයසින් වැඩිමහල් උනත්
මලී
විවාහක යුවතියක් උනත්

මලී
මම ඔබට ආදරෙයි
මම සඟලෙකු වෙයි
ඔබේ පිරුණු රුවට, මලී...

මලී
මගෙ අසල්වැසි යුවතිය
මලී
මගෙ මවගෙ මිතුරිය

මලී
මම සමහරවිට හොරෙන්
ඔබෙගේ කවුළුව තුලින්
ඔබ දෙස බලා සිටිමි, මලී...

මලී
ඔබෙ ඔය පිරුනු පියයුරු යුවල
මලී
ඔබෙ ඔය පැද්දෙන නිතඹ

මලී
මන් වගෙම තනිකමෙන්ද?
ඔබෙ පුරුෂය ඔබව කරනවද
රැයට තෘප්තිමත්, මලී ...

මලී
මාව නොදුටු ලෙස අහකබලන් නොයන්න
මලී
වරක් දෙවරක්වත් මා හා හිනැහෙන්න

මලී
හෙට උදයටත් රැකියාවට
ඔබ තනියම යනකොට
දකින්නට ලැබෙනව, මලීන ...

මලී
පාඩම් පොත දෙස බලනවිට
මලී
රාත්‍රියට නින්දට යනවිට

මලී
ඔබවමයි පෙන්නෙනෙ
ඔබ ගැනමයි සිතෙන්නෙ
මගෙ කුළුදුල් crush එක මලී...

මලී
මධ්‍යහනයෙ ස්නානය කරන අයුරු
මලී
සවසට මල්පැල නහවන අයුරු

මලී
අපේ සඳලුතලාවෙන් එබී
ඔබදෙස බලා හිඳින්නෙමි
ඇසිපිය නොහෙල, මලී...

මලී
මටත් එක අවස්ථාවක් දෙන්න
මලී
මට ආල කරන සැටි කියා දෙන්න

මලී
ඔබෙ රහස වෙන්නම් මම
ඔබෙ රූකඩය වෙන්නම් මම
මම සදා ඔබෙයි, මලී...

මලී
ඉරිද පොලට ගොසින් එන විට
මලී
ත්‍රීරෝද රථයෙන් බසින විට

මලී
නිවස තුලට රැගෙන යන්න
ඔබගෙ බඩු මල්ල
මම කරන්නම් උදවු, මලීන...

මලී
කොපමණ මගෙ සම වයසෙ කෙල්ලන්
මලී
පාසලෙදි මුනගැසුනත් මට උන්

මලී
උන් ඔයාවගෙ නැහ
මට හරියන්නෙ නැහ
ඔයා තමයි සුරඟන, මලී...

මලී
මිරිස් කුඩු ටිකක් ඉල්ලන්න
මලී
දෙහි ගෙඩියක් ඉල්ලන්න

මලී
මගෙ මව සමුවීමට
අපෙ ගෙදර දොරකඩට
එනවිට ඉන්නම් පෙර සේ, මලී...

මලී
අද රැයේදිත් මගෙ ෆැන්ටසියෙ
මලී
ඔබයි දෙවිදුව මගෙ

මලී
මම පොරොන්දු වෙන්නම්
මම කාටවත් නොකියන්නම්
අප දෙදෙන ගැන, මලී...

මලී
ඔබට දැනෙනවද මාව?
මලී
මා ගැන සිහින දකිනවද?

මලී
වෙනකෙකු වුවත් සතු
දවසක ඔබේ උයනට පිවිතුරු
මම එනව මගේ, මලී...