Wednesday, November 18, 2009

මගේ සොඳුරිය...



සරසවිවල , පන්ති කාමරවල සහ අහස පොළොව යට
සිටිනව ආදරවන්තයින් සයුරේ වැලිකැට ගනනට
ඔවුන් දොර වසනව ආදරයේ ලින්ගිකත්වයට
යට වෙනව ධනවාදී අතුරුඵලවලට

නමුත් මගේ සොඳුරිය හොදට
දන්නව ආදරයේ නියම පාට
ඇයත් කැමතියි අත් අල්ලාගෙන සිටීමට
ආදරය යනු එපමණක් නොවන බව තේරෙනව ඇයට

දැවෙන ගිනිසිළු සහ මිදුනු අයිස් කැට
සේ විශ්වාසයි ඇයව මට
ඇය මටත් වැඩියෙන් කැමතියි සන්ගීතයට
සෑමදාම වැලන්ටයින් අපිට

විශ්වයේ විශාලත්වය තරමට
විශාලයි මගෙ සොඳුරියගේ හද වැඩියෙන් එයට
ඇයත් කැමතියි ජයග්‍රහණයෙ රසයට
උත්සහය එයට වඩා වැදගත් බව තේරෙනව ඇයට

සුදු සහ කළු අතර වෙනස කදිමට
වටහා ගන්නව ඇය හනිකට
ඇය සමහරවිට ඉඩදෙනව නිහඬතාවයට
එය ලස්සන ආභරණයකි ඇයට

රජ මාළිගයෙ කිඳුරු කුමරියට
ඉරිසියයි ඇයගෙ නපුරු සොහොයුරියන් යසට
මගේ සොඳුරියටත් දැනෙනව ඉරිසියාව ඉදහිට
රහසින් හෝ ආදරයට සැවොම කැමති බව තේරෙනව ඇයට

Wednesday, November 4, 2009

මනීෂා...



මනීෂා
මනීෂාගේ රෝස කම්මුල් දිගේ
ඇද හැලෙන දිය බිදුව ඇයගේ
ආදරයේ ආලෝකයෙන් මවයි දේදුන්නක්

මනීෂා
කැමතියි සා පැටවුන්ට අනේ
ආදම් සහ ඒවාගේ උයනේ
නැහැ ඇයට වැඩියෙන් සුරතල් සා පැටවෙක්

මනීෂා
ඇයගේ සිහින් කන් පෙත්ත වටේ
එතුනු දඟකාර කෙස් රොදේ
ස්පර්ශ කරයි හොරහින් තෝඩුවක්

මනීෂා
මනීෂයි මමයි හොර රහසේ
වගෙයි ඇගේ සුදු කමිසේ
එතුනු මල් මල් රටාවක්