Tuesday, December 7, 2010

ඉවැළුවේශන්...



පට්ට ලස්සන
කෙල්ලො ඔක්කොම
පට්ට පජාත
කොල්ලොන්ට ලව්.

Fuck you bitch!

She walks and talks like queen Elizabeth the 2nd
With a gentle sway in her own snobbish way
Her fiery tongue knows no limits
She hangs on to every minute mistake I commit

She thinks she is so damn pretty
But I’m sorry missy
You’re like the world most worst
Koththu Rotty

I wonder what she do or say
If I suggest her with kindness and love
To go and fucking Jump
in The Beare Lake

I really hate to tell you
that i cannot really scratch
Or touch that itch
all i have to say is that,
Fuck you bitch!

Lovin Hate...



love makes us weak
it brings us to our knees
makes us blind
and turn you in to a child
detach us from the real
tangle us up in an
illusion so surreal

so forget the love
and learn to hate
hate begins
where love ends
hate is freedom
and your best friend

start by hating your self
your life and your years
and then your peers
and all the world
get lost in your fears
drown in your tears

learn to love hate...

Saturday, November 27, 2010

crush...




මට කොච්චර බැන්නත්
මට කොච්චර රැව්වත
ඒයාගේ යහළුවන් ඉදිරියේ
මට සමච්චල් කලත්
මට එයාවමයි ඕනි

මේක හරිම පිස්සුවක්, අමුතු ගීතයක්, සාතන්ගේ සරදමක්
මේක ආදරේද කෑදරේද මට තේරෙන්නෙ නැහැ, නපුරු සිහිනයක්

මාව කොච්චර මඟහැරියත්
ගනන් නොගෙන හිටියත්
මට පෙනෙන්න වෙනත් උන් එක්ක
අල්ලාප සල්ලාපයේ යෙදුනත්
මට එයාවමයි ඕනි

මේක හරිම නස්පැත්තියක්, හරි විකෘතියක්, හරි විකාරයක්
මේක ආදරේද කෑදරේද මට තේරෙන්නෙ නැහැ, නපුරු සිහිනයක්

මට කන්න බොන්න බැහැ
මට නින්ද යන්නෙ නැහැ
අනේ මන්ද අයියෝ
මට හිතා ගන්න බැහැ

මට එයාවමයි ඕනි
මට එයාවමයි ඕනි
මට එයාවමයි ඕනි
මට එයාවමයි ඕනි
මට එයාවමයි ඕනි
මට එයාවමයි ඕනි

රෝස මල් උද්‍යානය...




මම ඊයෙ රෑ හොරෙන්
ඇගේ රෝස මල් උද්‍යානයට පැනල
රෝස මලක්
කඩා ගන්න ගියා.
ඒත් මට කළින්
වෙන එවුන් පැනල
ඇගේ රෝස මල් උද්‍යානයේ
රෝස මල් ඔක්කොම කඩල.
දැන් තියෙන්නෙ කටු පිරිච්ච නටු විතරයි.

crazy...




ඇය
මගේ හදවත ගලවා
අතට අරගෙන සොලවා
මොට බ්ලේඩ් තලයකින්
සිහින් තීරු තීරු වලට
සීරුවෙන් සෙමෙන්
කපා වෙන් කරන අතරතුර,
ඒ බ්ලේඩ් තලය අගිස්සෙන්
වැගිරෙන රුධිර බිදු වල
දිලිසෙන මතුපිට
මතට වැටෙන
ඇයගේ සිනහමුසු වත
පෙනෙන විට මට
දැනෙන්නේ පුදුම
සනීපයක්...

my name is hate...




when your farther hit
your mother with a hammer
you poor baby blue, run
and hide in the corner

when no one hears your
whispering prayer
just call my name
and I'll be there

my name is hate
the serpent of Satan
under your bed, i'm hidin

when you see your fiancee
fucking a goat
laughing at you
pissin down your throat

you feel an angry itch
a pain in the butt
call me, and i'll be there
no matter what

my name is hate
and im here to stay
i cannot be erased

when your boss tells
to bend down like dog
and you fell like the shit
that reside by the road

euthanasia" u scream
no more you can talk
like a Messiah, i'll be
comin through the dark

my name is hate
you cannot make me fade
no need to be afraid

මට ඔබව අවශ්‍යයි...




යෙසුස් අර කටු ඔටුන්න දරාගෙන
කුරුසය කර තබාගෙන
රතු රුධිරය වඟුරුවමින්
අකාරුණික අව්වට පිළිස්සෙමින්
අර කඳු මුදුනට
කසපහර කමින් යන විට
ඔහුගේ මුඛයට
එකම එක ජල බිදුවක්
අවශ්‍ය තරමට
මට ඔබව අවශ්‍යයි

ගොල්ඩ් ෆිෂ් මත්ස්‍යයෙක්
පසු මිනිත්තු කිහිපයක්
දැවෙන බුමුතුරුණක් මත
ජල බන්දේසියෙන් පිටත
ගැහෙමින්, යමින් ඉහළට පහළට
උගේ අවසන් සුසුම් පොද හෙලනවිට
උගේ සිරුරට
එකම එක ජල බිදුවක්
අවශ්‍ය තරමට
මට ඔබව අවශ්‍යයි

ඔබගෙත් මගෙත් නිසල
සොහොන් කොත් යුගලය අසල
කළු කර්කෂ රළු පාෂාණයක්
මත වැඩෙන රතු රෝස ගසක්
මත මොහොතකින් පොළවට
වියළී කෙමෙන් හැලෙනට
යන රතු රෝස මලට
එකම එක ජල බිදුවක්
අවශ්‍ය තරමට
මට ඔබව අවශ්‍යයි

පරට්ටි...




ඒකි හිතන් ඉන්නෙ ඒකි
එලිසබෙත් රැජිණ කියල දෙවෙනි
යන අපූරුව පද්ද පද්ද හෙමිහිට
එහෙට මෙහෙට අපූරුවට

වැඩක් නැහැ කතා කරල හැබෑට
ගැන ඒකිගෙ හැකර කට
හිතේ කියල තිලෝක සුන්දරී
පට්ට පජාත පඩත්තල හැතිරි

මට ආසයි වෙලාවක මුණටම කියන්න
කියල පනින්න බේරෙ වැවට
මට ආසයි වෙලවාවක උදව් කරන්න
ඔය කසන කැසිල්ල කසාගන්න

අකමැති නම් අඩුමතරමේ ඒකට හේතුව කියල යන්න...





මම කියන්නෙ නැහැ ඔයාට මගේ
විප්ලවයට එකතු වෙන්න කියල
සටන් පාඨ කියවන්න කියල
ධජය අතට ගන්න කියල
මම කියන්නෙ ඔයා මට අකමැති නම්
අඩුමතරමේ ඒකට හේතුව කියල යන්න කියල

මම කියන්නෙ නැහැ ඔයාට මගේ
කවි කියවන්න කියල
ගීත ගයන්න කියල
මගේ පදේට නටන්න කියල
මම කියන්නෙ ඔයා මට අකමැති නම්
අඩුමතරමේ ඒකට හේතුව කියල යන්න කියල

මම කියන්නෙ නැහැ ඔයාට මට
සුදූ කියන්න කියල
එක පිට එක හාදු දෙන්න කියල
මාත් එක්ක මල් කඩන්න එන්න කියල
මම කියන්නෙ ඔයා මට අකමැති නම්
අඩුමතරමේ ඒකට හේතුව කියල යන්න කියල

මම කියන්නෙ නැහැ ඔයාට මගේ
සයනයට ගොඩවන්න කියල
බඳ පටිය ලිහන්න කියල
මාව තදින් බදන්න කියල
මම කියන්නෙ ඔයා මට අකමැති නම්
අඩුමතරමේ ඒකට හේතුව කියල යන්න කියල

මම කියන්නෙ නැහැ ඔයාට අනුන්ට
ඊරිසියා කරන්න එපා කියල
බොරු කියන්න එපා කියල
වෙන කොල්ලන් දිහා බලන්න එපා කියල
මම කියන්නෙ ඔයා මට අකමැති නම්
අඩුමතරමේ ඒකට හේතුව කියල යන්න කියල

මම කියන්නෙ නැහැ ඔයාට ඔයාගෙ
අම්ම තාත්ත අමතක කරන්න කියල
ඇඳුම් ආයිත්තම් පොදි බැඳගෙන මාත් එක්ක
පැනල යන්න එන්න කියල
මම කියන්නෙ ඔයා මට අකමැති නම්
අඩුමතරමේ ඒකට හේතුව කියල යන්න කියල

Saturday, June 12, 2010

මම...


මම සොරෙක්
අහින්සක සොරෙක්
සුරතල් සොරෙක්
අවන්ක සොරෙක්

මම බොරුකාරයෙක්
මම බොරුකාරයෙක්
මීනි මරුවෙක්
මීනි මරුවෙක්

සල්ලාලයෙක්
සුරතල් සල්ලාල්යෙක්
සුපිරි සල්ලාලයෙක්
මම සල්ලාලයෙක්

මම සොරෙක් නම් ඔබ සොරෙක්
මම බොරුකාරයෙක් නම් ඔබ බොරුකාරයෙක්
මම මීනි මරුවෙක් නම් ඔබ මීනි මරුවෙක්
මම සල්ලාලයෙක් නම් ඔබ සල්ලාලයෙක්

මම සිරකරුවෙක්
අසරණ සිරකරුවෙක්
මම ළදරුවෙක්
කුඩා ළදරුවෙක්

මම මිනිසෙක්
අහින්සක මිනිසෙක්
අවන්ක මිනිසෙක්
මම මිනිසෙක්

මම ගහැණියෙක්
මම පිරිමියෙක්
මම දෙවියෙක්
මම තිරිසනෙක්
මම නිකමෙක්
මම කවියෙක්
මම කම්මැලියෙක්
මම දුප්පතෙක්
මම පොහොසතෙක්
මම විපලවවාදියෙක්
මම සොල්දාදුවෙක්
මම ගුරුවරයෙක්
මම ශිෂ්‍යයෙක්
මම මින්සෙක්
මම සොරෙක්...

Tuesday, April 13, 2010

PDF පද්‍ය...( බිය නොවන්න සොඳුරිය - VOL 01 )


බිය නොවන්න සොඳුරිය - VOL (01)


මෙන්න බාගන්න - http://www.4shared.com/document/T-cFiBCU/Biyanowanna_Sodhuriya_vol_01_.html




Sunday, February 7, 2010

සිංහලෙන් ROCK අහමු…

මෙන්න අහන්න,

http://www.4shared.com/file/185905867/94bf4226/maharagama.html

දූවිලි නගරය (මහරගම)…


දූවිලි නගරය – උපදින නගරය
මියයන නගරය – දූවිලි
අවසන නොව මෙය – ඇරඹුම වෙයි මෙය
දූවිලි නගරය – දූවිලි…

දූවිලි මිනිසුන් වියවුල් මනසින් මානය කැටුවින්
ඒ මේ අත සැරිසරයි සිහින මාලිග තනමින්

දූවිලි පාර අයිනේ කුණුවෙන ගැහණු සත්වයෙක්
ඇයගෙ දරුවන් සිඟමන් අයදි බස් රථ ඇතුලේ

දූවිලි සුලඟ වරින් වර ගෙන එයි අමිහිරි ගන්ධය
වෙළඳ ප්‍රචාරණ ලෝගෝ ප්ලාස්ටික් බැනර් අතරින්

දූවිලි කෙල්ලන් අර්ධ නිරුවතින් රඟන රැඟුම්
තණ්හාවෙන් රස විඳිනව දූවිලි කොල්ලන්