Monday, March 19, 2012

ශුක්‍ර පැටවාගේ චාරිකාව...

මා ඇස් අරින විට සිටියේ

ඝන තරලයකින් පිරි

සුවිසල් අඳුරු නළයක් තුළ

වේගයෙන් ඉදිරියට වීසිවෙමෙනි.

කිසිවක් වටාහා ගත නොහී

බියෙන් භ්‍රාන්තව වී සිටි මා

වට පිට බැලූ කල්හි

මා හා සමාන හැඩරුවෙන් හෙබි

සුවිසාල පිරිසක්

මේ නළය තුළ

එකිනෙකා පරයමින්

ඉදිරියට ඇදෙන අයුරු

පෙනෙන්නට විය.

උන් පවසන පරිදි

ස්වර්ගය පවතින්නේ

මේ සුවිසල් අඳුරු නළය කෙළවරේය

ස්වර්ගය!


බොහෝ කලක්

මේ සුවිසල් අඳුරු නළය තුළ

ඉදිරියට ඇදෙමින් වුන් අපිට

තවමත් ස්වර්ගය හමු නොවීය.

සමහර උන්

දැනටමත් මේ ගමන

නවතා දමා හමාරය.

දුර්වල උන්

අතරමගදි හැලුණි.

මෙහි අවසානයක් ඇත්ද?

ස්වර්ගයට තව දුරයිද?

තව කොපමණ කල් අප මෙලෙස ගමනේ යෙදෙමුද?

මේවා සියල්ලන්ගේම සිත් තුළ

නලියන ගැටළු විය.

එකෙණෙහිම වාගේ එය

අප ඉදිරියේ දිස් වන්නට විය...

ස්වර්ගය...පුදුමාකාරයි!

මෙලෙක් පෘෂ්ඨයකින් හෙබි

සුවිසාල ගෝලාකාර

ආකර්ෂණීය වස්තුවක්.

මට විස්තර කරගත නොහැකි තරමේ

අලංකාරයක්.

අනෙක් සියල්ලන්ටම ප්‍රථමව

මම මෙයට ළඟා විය යුතුය.

මම ඉටා ගතිමි.


කාලය කෙමෙන් කෙමෙන් ගෙවී යයි.

පෙර සිදු වූ ව්‍යසනය

සිහි ගන්වන වාරයක් වාරයක් පාසාම

ඇඟ කිළිපොලා යයි.

මා පරයා ස්වර්ගය කරා

ළඟා වූවන්ගේ දැන් ශේෂ වී ඇත්තේ

මතකයන් සහ ශරීර කැබැලි පමණෙකි.

විලාපයන් දුක් දොම්නස් දසතින්.

සමහරෙක් නලයේ කිසියම් ද්වාරයක් සොයා

ඔබ මොබ සැරිසරයි.

තවත් සමහරෙක් හුස් ලූ ලූ අත දුව පැන

කෙළිකවට කමේ යෙදෙමින්

මහත් වින්දනයක් ආශ්වාදයක් ලබයි.

කුමක්ද මේ සියල්ලේ අර්ථය..?

මා මෙහි කුමක් කරන්නේද..?

මා නොදනී.

අප ස්වර්ගයැයි පවසන

ඉතාමත් දෘඩ පෘෂ්ඨයක් සතු

ගෝලාකාර වස්තුව

මහත් ගුප්තය.

මට කුතුහලයක් ගෙනදෙයි.

මෙතුල කුමක් වෙයිද..?

හුදු රික්තකයක්මද...?

නැතිනම් නව නැවුම් ලොවකට පිවිසුම් දොරටුවක්ද...?

දුටුවන් පවසන් පරිදි

අපෙන් එකෙක් ස්වර්ගයට

ඇතුලු වීමට සමත්ව ඇත.

අප අතරින් සමහරෙක්

ඔහුට වන්දනාමාන කිරීමටත්

"දෙවියන්වහන්සේ" යැයි

නමකින් ආමන්ත්‍රණය කිරීමටත්

අරඹයා ඇත.

දෙවියන්වහන්සේ අපිට

ස්වර්ගයේ දොරටු විවෘත කරන තෙක්

අපි සැවොම මේ අඳුරු නලය තුළ

දෑස් දල්වා බලා සිටිමු.

Friday, March 16, 2012

දෙමළා...

ඇය සිටියෙ බසයේ කෙළවර
දිරා ගිය සළුවකින් සැරසී
තිලකයක් හිස දරා
බුලත් පැහයෙන් දෙතොල් රතුවෙන්
කඩමල්ලක් අතින් ගෙන

දැනට වසර දෙකකට එකහමාරකට පෙර
මම ඔබව මේ බසයේ හෝ
වෙනත් බසයක දුටුවා නම්
මම කෙතරම් බිය වනවාද

ඔබටත් දරුවන් සිටිනව ඇති
ඔබටත් දෙවියන් සිටිනවා ඇති
ඔබටත් සිහිනයන් පෙනෙනවා ඇති
ඔබටත් වේදනාව දැනෙනවා ඇති
නමුත් හිසට වහලක් නැතුව ඇති
යැයි මම සිතනව ඇති

ඒත් දැන් මම ඔබට බිය නොවෙමි
මොකද දැන් යුද්ධය අවසානයි
ඔබ තව දුරටත් මට තර්ජනයක් නොවෙයි

Tuesday, December 7, 2010

ඉවැළුවේශන්...



පට්ට ලස්සන
කෙල්ලො ඔක්කොම
පට්ට පජාත
කොල්ලොන්ට ලව්.

Fuck you bitch!

She walks and talks like queen Elizabeth the 2nd
With a gentle sway in her own snobbish way
Her fiery tongue knows no limits
She hangs on to every minute mistake I commit

She thinks she is so damn pretty
But I’m sorry missy
You’re like the world most worst
Koththu Rotty

I wonder what she do or say
If I suggest her with kindness and love
To go and fucking Jump
in The Beare Lake

I really hate to tell you
that i cannot really scratch
Or touch that itch
all i have to say is that,
Fuck you bitch!

Lovin Hate...



love makes us weak
it brings us to our knees
makes us blind
and turn you in to a child
detach us from the real
tangle us up in an
illusion so surreal

so forget the love
and learn to hate
hate begins
where love ends
hate is freedom
and your best friend

start by hating your self
your life and your years
and then your peers
and all the world
get lost in your fears
drown in your tears

learn to love hate...

Saturday, November 27, 2010

crush...




මට කොච්චර බැන්නත්
මට කොච්චර රැව්වත
ඒයාගේ යහළුවන් ඉදිරියේ
මට සමච්චල් කලත්
මට එයාවමයි ඕනි

මේක හරිම පිස්සුවක්, අමුතු ගීතයක්, සාතන්ගේ සරදමක්
මේක ආදරේද කෑදරේද මට තේරෙන්නෙ නැහැ, නපුරු සිහිනයක්

මාව කොච්චර මඟහැරියත්
ගනන් නොගෙන හිටියත්
මට පෙනෙන්න වෙනත් උන් එක්ක
අල්ලාප සල්ලාපයේ යෙදුනත්
මට එයාවමයි ඕනි

මේක හරිම නස්පැත්තියක්, හරි විකෘතියක්, හරි විකාරයක්
මේක ආදරේද කෑදරේද මට තේරෙන්නෙ නැහැ, නපුරු සිහිනයක්

මට කන්න බොන්න බැහැ
මට නින්ද යන්නෙ නැහැ
අනේ මන්ද අයියෝ
මට හිතා ගන්න බැහැ

මට එයාවමයි ඕනි
මට එයාවමයි ඕනි
මට එයාවමයි ඕනි
මට එයාවමයි ඕනි
මට එයාවමයි ඕනි
මට එයාවමයි ඕනි

රෝස මල් උද්‍යානය...




මම ඊයෙ රෑ හොරෙන්
ඇගේ රෝස මල් උද්‍යානයට පැනල
රෝස මලක්
කඩා ගන්න ගියා.
ඒත් මට කළින්
වෙන එවුන් පැනල
ඇගේ රෝස මල් උද්‍යානයේ
රෝස මල් ඔක්කොම කඩල.
දැන් තියෙන්නෙ කටු පිරිච්ච නටු විතරයි.

crazy...




ඇය
මගේ හදවත ගලවා
අතට අරගෙන සොලවා
මොට බ්ලේඩ් තලයකින්
සිහින් තීරු තීරු වලට
සීරුවෙන් සෙමෙන්
කපා වෙන් කරන අතරතුර,
ඒ බ්ලේඩ් තලය අගිස්සෙන්
වැගිරෙන රුධිර බිදු වල
දිලිසෙන මතුපිට
මතට වැටෙන
ඇයගේ සිනහමුසු වත
පෙනෙන විට මට
දැනෙන්නේ පුදුම
සනීපයක්...

my name is hate...




when your farther hit
your mother with a hammer
you poor baby blue, run
and hide in the corner

when no one hears your
whispering prayer
just call my name
and I'll be there

my name is hate
the serpent of Satan
under your bed, i'm hidin

when you see your fiancee
fucking a goat
laughing at you
pissin down your throat

you feel an angry itch
a pain in the butt
call me, and i'll be there
no matter what

my name is hate
and im here to stay
i cannot be erased

when your boss tells
to bend down like dog
and you fell like the shit
that reside by the road

euthanasia" u scream
no more you can talk
like a Messiah, i'll be
comin through the dark

my name is hate
you cannot make me fade
no need to be afraid

මට ඔබව අවශ්‍යයි...




යෙසුස් අර කටු ඔටුන්න දරාගෙන
කුරුසය කර තබාගෙන
රතු රුධිරය වඟුරුවමින්
අකාරුණික අව්වට පිළිස්සෙමින්
අර කඳු මුදුනට
කසපහර කමින් යන විට
ඔහුගේ මුඛයට
එකම එක ජල බිදුවක්
අවශ්‍ය තරමට
මට ඔබව අවශ්‍යයි

ගොල්ඩ් ෆිෂ් මත්ස්‍යයෙක්
පසු මිනිත්තු කිහිපයක්
දැවෙන බුමුතුරුණක් මත
ජල බන්දේසියෙන් පිටත
ගැහෙමින්, යමින් ඉහළට පහළට
උගේ අවසන් සුසුම් පොද හෙලනවිට
උගේ සිරුරට
එකම එක ජල බිදුවක්
අවශ්‍ය තරමට
මට ඔබව අවශ්‍යයි

ඔබගෙත් මගෙත් නිසල
සොහොන් කොත් යුගලය අසල
කළු කර්කෂ රළු පාෂාණයක්
මත වැඩෙන රතු රෝස ගසක්
මත මොහොතකින් පොළවට
වියළී කෙමෙන් හැලෙනට
යන රතු රෝස මලට
එකම එක ජල බිදුවක්
අවශ්‍ය තරමට
මට ඔබව අවශ්‍යයි

පරට්ටි...




ඒකි හිතන් ඉන්නෙ ඒකි
එලිසබෙත් රැජිණ කියල දෙවෙනි
යන අපූරුව පද්ද පද්ද හෙමිහිට
එහෙට මෙහෙට අපූරුවට

වැඩක් නැහැ කතා කරල හැබෑට
ගැන ඒකිගෙ හැකර කට
හිතේ කියල තිලෝක සුන්දරී
පට්ට පජාත පඩත්තල හැතිරි

මට ආසයි වෙලාවක මුණටම කියන්න
කියල පනින්න බේරෙ වැවට
මට ආසයි වෙලවාවක උදව් කරන්න
ඔය කසන කැසිල්ල කසාගන්න

අකමැති නම් අඩුමතරමේ ඒකට හේතුව කියල යන්න...





මම කියන්නෙ නැහැ ඔයාට මගේ
විප්ලවයට එකතු වෙන්න කියල
සටන් පාඨ කියවන්න කියල
ධජය අතට ගන්න කියල
මම කියන්නෙ ඔයා මට අකමැති නම්
අඩුමතරමේ ඒකට හේතුව කියල යන්න කියල

මම කියන්නෙ නැහැ ඔයාට මගේ
කවි කියවන්න කියල
ගීත ගයන්න කියල
මගේ පදේට නටන්න කියල
මම කියන්නෙ ඔයා මට අකමැති නම්
අඩුමතරමේ ඒකට හේතුව කියල යන්න කියල

මම කියන්නෙ නැහැ ඔයාට මට
සුදූ කියන්න කියල
එක පිට එක හාදු දෙන්න කියල
මාත් එක්ක මල් කඩන්න එන්න කියල
මම කියන්නෙ ඔයා මට අකමැති නම්
අඩුමතරමේ ඒකට හේතුව කියල යන්න කියල

මම කියන්නෙ නැහැ ඔයාට මගේ
සයනයට ගොඩවන්න කියල
බඳ පටිය ලිහන්න කියල
මාව තදින් බදන්න කියල
මම කියන්නෙ ඔයා මට අකමැති නම්
අඩුමතරමේ ඒකට හේතුව කියල යන්න කියල

මම කියන්නෙ නැහැ ඔයාට අනුන්ට
ඊරිසියා කරන්න එපා කියල
බොරු කියන්න එපා කියල
වෙන කොල්ලන් දිහා බලන්න එපා කියල
මම කියන්නෙ ඔයා මට අකමැති නම්
අඩුමතරමේ ඒකට හේතුව කියල යන්න කියල

මම කියන්නෙ නැහැ ඔයාට ඔයාගෙ
අම්ම තාත්ත අමතක කරන්න කියල
ඇඳුම් ආයිත්තම් පොදි බැඳගෙන මාත් එක්ක
පැනල යන්න එන්න කියල
මම කියන්නෙ ඔයා මට අකමැති නම්
අඩුමතරමේ ඒකට හේතුව කියල යන්න කියල

Saturday, June 12, 2010

මම...


මම සොරෙක්
අහින්සක සොරෙක්
සුරතල් සොරෙක්
අවන්ක සොරෙක්

මම බොරුකාරයෙක්
මම බොරුකාරයෙක්
මීනි මරුවෙක්
මීනි මරුවෙක්

සල්ලාලයෙක්
සුරතල් සල්ලාල්යෙක්
සුපිරි සල්ලාලයෙක්
මම සල්ලාලයෙක්

මම සොරෙක් නම් ඔබ සොරෙක්
මම බොරුකාරයෙක් නම් ඔබ බොරුකාරයෙක්
මම මීනි මරුවෙක් නම් ඔබ මීනි මරුවෙක්
මම සල්ලාලයෙක් නම් ඔබ සල්ලාලයෙක්

මම සිරකරුවෙක්
අසරණ සිරකරුවෙක්
මම ළදරුවෙක්
කුඩා ළදරුවෙක්

මම මිනිසෙක්
අහින්සක මිනිසෙක්
අවන්ක මිනිසෙක්
මම මිනිසෙක්

මම ගහැණියෙක්
මම පිරිමියෙක්
මම දෙවියෙක්
මම තිරිසනෙක්
මම නිකමෙක්
මම කවියෙක්
මම කම්මැලියෙක්
මම දුප්පතෙක්
මම පොහොසතෙක්
මම විපලවවාදියෙක්
මම සොල්දාදුවෙක්
මම ගුරුවරයෙක්
මම ශිෂ්‍යයෙක්
මම මින්සෙක්
මම සොරෙක්...

Tuesday, April 13, 2010

PDF පද්‍ය...( බිය නොවන්න සොඳුරිය - VOL 01 )


බිය නොවන්න සොඳුරිය - VOL (01)


මෙන්න බාගන්න - http://www.4shared.com/document/T-cFiBCU/Biyanowanna_Sodhuriya_vol_01_.html




Sunday, February 7, 2010

සිංහලෙන් ROCK අහමු…

මෙන්න අහන්න,

http://www.4shared.com/file/185905867/94bf4226/maharagama.html

දූවිලි නගරය (මහරගම)…


දූවිලි නගරය – උපදින නගරය
මියයන නගරය – දූවිලි
අවසන නොව මෙය – ඇරඹුම වෙයි මෙය
දූවිලි නගරය – දූවිලි…

දූවිලි මිනිසුන් වියවුල් මනසින් මානය කැටුවින්
ඒ මේ අත සැරිසරයි සිහින මාලිග තනමින්

දූවිලි පාර අයිනේ කුණුවෙන ගැහණු සත්වයෙක්
ඇයගෙ දරුවන් සිඟමන් අයදි බස් රථ ඇතුලේ

දූවිලි සුලඟ වරින් වර ගෙන එයි අමිහිරි ගන්ධය
වෙළඳ ප්‍රචාරණ ලෝගෝ ප්ලාස්ටික් බැනර් අතරින්

දූවිලි කෙල්ලන් අර්ධ නිරුවතින් රඟන රැඟුම්
තණ්හාවෙන් රස විඳිනව දූවිලි කොල්ලන්


Wednesday, November 18, 2009

මගේ සොඳුරිය...



සරසවිවල , පන්ති කාමරවල සහ අහස පොළොව යට
සිටිනව ආදරවන්තයින් සයුරේ වැලිකැට ගනනට
ඔවුන් දොර වසනව ආදරයේ ලින්ගිකත්වයට
යට වෙනව ධනවාදී අතුරුඵලවලට

නමුත් මගේ සොඳුරිය හොදට
දන්නව ආදරයේ නියම පාට
ඇයත් කැමතියි අත් අල්ලාගෙන සිටීමට
ආදරය යනු එපමණක් නොවන බව තේරෙනව ඇයට

දැවෙන ගිනිසිළු සහ මිදුනු අයිස් කැට
සේ විශ්වාසයි ඇයව මට
ඇය මටත් වැඩියෙන් කැමතියි සන්ගීතයට
සෑමදාම වැලන්ටයින් අපිට

විශ්වයේ විශාලත්වය තරමට
විශාලයි මගෙ සොඳුරියගේ හද වැඩියෙන් එයට
ඇයත් කැමතියි ජයග්‍රහණයෙ රසයට
උත්සහය එයට වඩා වැදගත් බව තේරෙනව ඇයට

සුදු සහ කළු අතර වෙනස කදිමට
වටහා ගන්නව ඇය හනිකට
ඇය සමහරවිට ඉඩදෙනව නිහඬතාවයට
එය ලස්සන ආභරණයකි ඇයට

රජ මාළිගයෙ කිඳුරු කුමරියට
ඉරිසියයි ඇයගෙ නපුරු සොහොයුරියන් යසට
මගේ සොඳුරියටත් දැනෙනව ඉරිසියාව ඉදහිට
රහසින් හෝ ආදරයට සැවොම කැමති බව තේරෙනව ඇයට

Wednesday, November 4, 2009

මනීෂා...



මනීෂා
මනීෂාගේ රෝස කම්මුල් දිගේ
ඇද හැලෙන දිය බිදුව ඇයගේ
ආදරයේ ආලෝකයෙන් මවයි දේදුන්නක්

මනීෂා
කැමතියි සා පැටවුන්ට අනේ
ආදම් සහ ඒවාගේ උයනේ
නැහැ ඇයට වැඩියෙන් සුරතල් සා පැටවෙක්

මනීෂා
ඇයගේ සිහින් කන් පෙත්ත වටේ
එතුනු දඟකාර කෙස් රොදේ
ස්පර්ශ කරයි හොරහින් තෝඩුවක්

මනීෂා
මනීෂයි මමයි හොර රහසේ
වගෙයි ඇගේ සුදු කමිසේ
එතුනු මල් මල් රටාවක්

Tuesday, October 27, 2009

The day dream...



have ever seen
a day dream
so real
and so sad

you got lifted
from your bed
you feel happy
and free

and your flying in the sky through the clouds
between the birds and Airplanes
you look down and you can see tiny people buildings and trees
they look so funny
after a while you notice that you are a kite
and someone is holding the other end of line
and suddenly he lets go

you come gliding down
settle slowly
on the grass
in some strange land

when you open you eyes
you are surrounded by
little colorful clowns
midgets and freaks

they tell you to follow them and you do just as they say
they dress you and paint you and play games with you
a little girl hold your hand, she holds a flower in her other hand
she guides you into a big circus and suddenly you notice that
your also a clown

the ring master gives you the grandest of welcomes
as he says to you to jump through the ring of fire
a quite successful jump you perform for the cheers of the crowd
but you a bit burnt and a bit torn and unhappy

now in the night
you sit by
your caravan
all alone

you look up
see the starry sky
wonder what all this is about
confused and misused

have ever seen
a day dream
and at the end of it all
your dead

Wednesday, October 21, 2009

දායබර මුතූ...



දායබර මුතූ...
නිවාදමන්න ඔබෙ බැල්කනියෙ දැල්වෙන විදුලි බුබුල රතූ
දායබර මුතූ...
ඉවතලන්න තෙරපුණු ප්ලාස්ටික් කැබලි ඔබෙ පසුම්බියෙ රතූ
දායබර මුතූ...
පිසදා දමන්න තොල්පෙති වල ඔබ ඇතිරූ සායම් රතූ
දායබර මුතූ...
පුළුස්සා දමන්න රාත්‍රියට ඔබ පළදින අර සරාගී සළුව රතූ

මම මන්ගල ගවුම රැගෙන එන්නම්
ඔබට මගුල් මුදුව පලන්දන්නම්
ඔබෙ දරුවාට පියා වෙන්නම්
ඔබට හදවතින්ම ආදරය කරන්නම්

දායබර මුතූ...
අද සිට ඉඩ නොදෙන්න නන්නාඳුනනයන්ට ස්පර්ශයට සිරුර ඔබෙ පිවිතුරු
දායබර මුතූ...
අද සිට සැරි නොසරන්න පාළු විථි වල මැදියමෙන් පසු
දායබර මුතූ...
අද සිට මකා දමන්න ඔබෙ මතකයන් කුරිරු
දායබර මුතූ...
හෙට සිට බාර දෙන්න ගෙහිමියාට කාමරයෙ යතුර ඔබ සතු

අද රාත්‍රියට ඔබ සුවසේ නිදන්න
නව ජීවිතයක් ගැන සිහින දකින්න
හෙට උදෑසනින්ම අවදි වෙන්න
නිදහස් චතුරශ්‍රය ළඟට එන්න

based on Roxanne by Police

Sunday, October 18, 2009

රොක්සීන්...



අඳුරු ආගාධෙන්
සාතන්ගෙ මැදුරෙන්
ගිනිජාලා අතරින්
එළියට ඇවිදින්
කන් කළු ස්වරයෙන්
මාව අමතමින්
සරාගි විලසින්
මායා දසුන් පෙන්වමින්

අර්ධ නිරුවතින්
සැරි කුමාරිකාවන්
සුනඛ සෙබලියන්
සහ සිරකරුවන්
සමග වැතිරෙමින්
ඇය කූටෝපායෙන්
උන්ව ස්පර්ශයෙන්
ශයිලම කරමින්

උරග විෂෙන්
පිළි මදුවිතයෙන්
ඇය ආදරයෙන්
සන්ග්‍රහ කරමින්
බලවත් ආශාවෙන්
දෙතොල් නලවමින්
පිහිතලය අගින්
රුධිරය රසබලමින්

ඔබ කවුද රොක්සීන්...
ඔබ කවුද රොක්සීන්...