Monday, October 12, 2009

අළුයම...



ඔසවයි නැවතත් ඉහටම
නිදිබර මැලියෙන් - විකටයන් කුඩාරම
සැරසෙයි සර්කසයට
දිගු කර රිදී අසිපත
පොළොව දෙසට - සතුරන් දෙසට
සක්‍ර කුමරුන් සැරසෙයි යුධයට

මග දෙපස නැවුම් විලසින්
රැයේදි පිබිදුනු මල් - පිනිබිදු වලට නැහැවෙමින්
දෙපසට සැලෙමින් සෙමෙන්
දුම්රිය හඬ ඇසෙයි නුදුරින්
දුම නැගෙයි අහසට - ඇදෙයි කෙමෙන් ඉදිරියට
දෙදරවමින් දෙරන

ඇය උණුසුමට සුවසේ
ඔහු තුරුල්ලෙ - සුදු සයනය මත
එතී ඇතිරිල්ලේ
නොදනුවත්ව ඇය ඇතුලත
මිලියන ගණනින් - නලියන ජීවය
සොයමින් සන්සාරය

Thursday, October 8, 2009

I feel so heavy...



I open my eyes
what do I see
it's time
a relentless march
telling me
that I'm dying

I'm trying to breath
I swear I can smell
the stench
of all the greed
that drives me to hell
I'm drench

I open the door
only to confront
same faces
can't bear it anymore
I say I won't
fill the spaces

I'm feeling the heat
do you fell it too
enough is enough
can't pretend that it's not

monotony, it's tough
i need some timeout
let us rearrange
sometimes we all need a change

I feel so heavy
I'm fed up with the play
I'm through with the story
world turns slowly

I won't tell you
that your lonesome and blue
and you need it too
come and join me

අපිට කමක් නෑ නේද සුදූ...



සෙනසුරාද සවසට සරසවියෙ
සිමෙන්ති බන්කුවෙ - අපි අපේ පාඩුවෙ
ඉරිද උදයට පුස්තකාලයෙ
පිහිනමින් ආදරයේ - ගසක් යට උද්‍යානයෙ

කොපමණ මිනිසුන් හිටියත්
අපි දෙස හොරැහින් බැලුවත්
අපි ගැන මොනවා හිතුවත්
අපිට කමක් නෑ නේද සුදූ...

අනේ අපිට කමක් නෑ
මට ගානක් නෑ
ඇය අකමැති නෑ
ඇයට රිදෙන්නෑ

සිකුරාද දවල්ට ගාලු කොටුවෙ
කුඩයක් යට සෙවනේ - මම ඔබේ තුරුලෙ
සමහරවිට චිත්‍රපට ශාලව
තුලෙ
ෆිල්ම් එක අතරතුරෙ - ඔබ මගේ තුරුලෙ

කොපමණ කොල්ලන් හිටියත්
අපට ඉරිසිය කෙරුවත්
ඔයාගෙ නිතඹට පැණි හැලුවත්
අපිට කමක් නෑ නේද සුදූ...

අනේ අපිට කමක් නෑ
මට ගානක් නෑ
ඇය අකමැති නෑ
ඇයට රිදෙන්නෑ