Saturday, June 12, 2010

මම...


මම සොරෙක්
අහින්සක සොරෙක්
සුරතල් සොරෙක්
අවන්ක සොරෙක්

මම බොරුකාරයෙක්
මම බොරුකාරයෙක්
මීනි මරුවෙක්
මීනි මරුවෙක්

සල්ලාලයෙක්
සුරතල් සල්ලාල්යෙක්
සුපිරි සල්ලාලයෙක්
මම සල්ලාලයෙක්

මම සොරෙක් නම් ඔබ සොරෙක්
මම බොරුකාරයෙක් නම් ඔබ බොරුකාරයෙක්
මම මීනි මරුවෙක් නම් ඔබ මීනි මරුවෙක්
මම සල්ලාලයෙක් නම් ඔබ සල්ලාලයෙක්

මම සිරකරුවෙක්
අසරණ සිරකරුවෙක්
මම ළදරුවෙක්
කුඩා ළදරුවෙක්

මම මිනිසෙක්
අහින්සක මිනිසෙක්
අවන්ක මිනිසෙක්
මම මිනිසෙක්

මම ගහැණියෙක්
මම පිරිමියෙක්
මම දෙවියෙක්
මම තිරිසනෙක්
මම නිකමෙක්
මම කවියෙක්
මම කම්මැලියෙක්
මම දුප්පතෙක්
මම පොහොසතෙක්
මම විපලවවාදියෙක්
මම සොල්දාදුවෙක්
මම ගුරුවරයෙක්
මම ශිෂ්‍යයෙක්
මම මින්සෙක්
මම සොරෙක්...

Tuesday, April 13, 2010

PDF පද්‍ය...( බිය නොවන්න සොඳුරිය - VOL 01 )


බිය නොවන්න සොඳුරිය - VOL (01)


මෙන්න බාගන්න - http://www.4shared.com/document/T-cFiBCU/Biyanowanna_Sodhuriya_vol_01_.html




Sunday, February 7, 2010

සිංහලෙන් ROCK අහමු…

මෙන්න අහන්න,

http://www.4shared.com/file/185905867/94bf4226/maharagama.html

දූවිලි නගරය (මහරගම)…


දූවිලි නගරය – උපදින නගරය
මියයන නගරය – දූවිලි
අවසන නොව මෙය – ඇරඹුම වෙයි මෙය
දූවිලි නගරය – දූවිලි…

දූවිලි මිනිසුන් වියවුල් මනසින් මානය කැටුවින්
ඒ මේ අත සැරිසරයි සිහින මාලිග තනමින්

දූවිලි පාර අයිනේ කුණුවෙන ගැහණු සත්වයෙක්
ඇයගෙ දරුවන් සිඟමන් අයදි බස් රථ ඇතුලේ

දූවිලි සුලඟ වරින් වර ගෙන එයි අමිහිරි ගන්ධය
වෙළඳ ප්‍රචාරණ ලෝගෝ ප්ලාස්ටික් බැනර් අතරින්

දූවිලි කෙල්ලන් අර්ධ නිරුවතින් රඟන රැඟුම්
තණ්හාවෙන් රස විඳිනව දූවිලි කොල්ලන්