Saturday, November 27, 2010

මට ඔබව අවශ්‍යයි...




යෙසුස් අර කටු ඔටුන්න දරාගෙන
කුරුසය කර තබාගෙන
රතු රුධිරය වඟුරුවමින්
අකාරුණික අව්වට පිළිස්සෙමින්
අර කඳු මුදුනට
කසපහර කමින් යන විට
ඔහුගේ මුඛයට
එකම එක ජල බිදුවක්
අවශ්‍ය තරමට
මට ඔබව අවශ්‍යයි

ගොල්ඩ් ෆිෂ් මත්ස්‍යයෙක්
පසු මිනිත්තු කිහිපයක්
දැවෙන බුමුතුරුණක් මත
ජල බන්දේසියෙන් පිටත
ගැහෙමින්, යමින් ඉහළට පහළට
උගේ අවසන් සුසුම් පොද හෙලනවිට
උගේ සිරුරට
එකම එක ජල බිදුවක්
අවශ්‍ය තරමට
මට ඔබව අවශ්‍යයි

ඔබගෙත් මගෙත් නිසල
සොහොන් කොත් යුගලය අසල
කළු කර්කෂ රළු පාෂාණයක්
මත වැඩෙන රතු රෝස ගසක්
මත මොහොතකින් පොළවට
වියළී කෙමෙන් හැලෙනට
යන රතු රෝස මලට
එකම එක ජල බිදුවක්
අවශ්‍ය තරමට
මට ඔබව අවශ්‍යයි

පරට්ටි...




ඒකි හිතන් ඉන්නෙ ඒකි
එලිසබෙත් රැජිණ කියල දෙවෙනි
යන අපූරුව පද්ද පද්ද හෙමිහිට
එහෙට මෙහෙට අපූරුවට

වැඩක් නැහැ කතා කරල හැබෑට
ගැන ඒකිගෙ හැකර කට
හිතේ කියල තිලෝක සුන්දරී
පට්ට පජාත පඩත්තල හැතිරි

මට ආසයි වෙලාවක මුණටම කියන්න
කියල පනින්න බේරෙ වැවට
මට ආසයි වෙලවාවක උදව් කරන්න
ඔය කසන කැසිල්ල කසාගන්න

අකමැති නම් අඩුමතරමේ ඒකට හේතුව කියල යන්න...





මම කියන්නෙ නැහැ ඔයාට මගේ
විප්ලවයට එකතු වෙන්න කියල
සටන් පාඨ කියවන්න කියල
ධජය අතට ගන්න කියල
මම කියන්නෙ ඔයා මට අකමැති නම්
අඩුමතරමේ ඒකට හේතුව කියල යන්න කියල

මම කියන්නෙ නැහැ ඔයාට මගේ
කවි කියවන්න කියල
ගීත ගයන්න කියල
මගේ පදේට නටන්න කියල
මම කියන්නෙ ඔයා මට අකමැති නම්
අඩුමතරමේ ඒකට හේතුව කියල යන්න කියල

මම කියන්නෙ නැහැ ඔයාට මට
සුදූ කියන්න කියල
එක පිට එක හාදු දෙන්න කියල
මාත් එක්ක මල් කඩන්න එන්න කියල
මම කියන්නෙ ඔයා මට අකමැති නම්
අඩුමතරමේ ඒකට හේතුව කියල යන්න කියල

මම කියන්නෙ නැහැ ඔයාට මගේ
සයනයට ගොඩවන්න කියල
බඳ පටිය ලිහන්න කියල
මාව තදින් බදන්න කියල
මම කියන්නෙ ඔයා මට අකමැති නම්
අඩුමතරමේ ඒකට හේතුව කියල යන්න කියල

මම කියන්නෙ නැහැ ඔයාට අනුන්ට
ඊරිසියා කරන්න එපා කියල
බොරු කියන්න එපා කියල
වෙන කොල්ලන් දිහා බලන්න එපා කියල
මම කියන්නෙ ඔයා මට අකමැති නම්
අඩුමතරමේ ඒකට හේතුව කියල යන්න කියල

මම කියන්නෙ නැහැ ඔයාට ඔයාගෙ
අම්ම තාත්ත අමතක කරන්න කියල
ඇඳුම් ආයිත්තම් පොදි බැඳගෙන මාත් එක්ක
පැනල යන්න එන්න කියල
මම කියන්නෙ ඔයා මට අකමැති නම්
අඩුමතරමේ ඒකට හේතුව කියල යන්න කියල