
ඉබ්බන්ටත් අහසේ ඉගිලීමට හැකි වෙයි නම්
විභාගයෙන් සමත් වුවන් බුද්ධිමතුන් වෙයි නම්
ක්ලිටෝරිසයෙ වර්ගඵලය වැඩි තරමට ආතල් වැඩි වෙයි නම්
මේක රැඩිකල් ගීතයක් නෙමේ...
සල්ලාල යුවතියන්ගෙ රාගික විලාසිතා
රසවිඳිමු මිත්‍රයා රාමුවට පිටින් හිතල
ඔළුවෙ තියෙන සියලුම අනවශ්‍ය දත්ත මකල
ජංගම දුරකතනය අහසට වීසිකරල
රැක ගනිමු අපේ ශුක්‍ර ධාතු හෙට දවස ගැනත් හිතලා
ලද දෙයින්ම පමණක් අපට සන්තෝෂ විය හැකිනම්
මේක රැඩිකල් ගීතයක් නෙමේ...
සංස්කෘතික සිරකරුවන් දවසක නිදහස් වෙයි නම්
පොලිතින් කුමරිය සහ කඩදහි කුමරා දවසක එක් වෙයි නම්
නසාරතයෙ ජෙසුන් බෞද්ධයෙක් වෙයි නම්
මේක රැඩිකල් ගීතයක් නෙමේ...
මනමාලිය දොරකඩ ඉකිබිඳියි මගුල් රාත්‍රියේ
මනමාලය මෙහෙකරු සමඟින් වැතිරේ සයනේ
සොඳුරියට ශල්‍යකර්මය සැමදා කරන්න බැහෙනේ
1/2=0 තෘප්ත වෙන්නෙ නැහැනේ
න්‍යශ්ටික බෝම්බයට ආලය කරන්න බැහැනේ
T.V. එක මවන සිහින දිනක සැබෑ වෙයි නම්
මේක රැඩිකල් ගීතයක් නෙමේ...
ඔබ දන්නවාද සියල්ල සාපේකෂ්‍ය බව
Karl Marx සහ Darwin සමලිංගික බව
Adolf Hitler තවම ජීවතුන් අතර බව
සමහර කෙල්ලන් යට ඇඳුම් අඳින බව
කවියාගෙ පන්හිඳට මේවා විස්තර කල හැකිනම්
සිත්තරාට මේවා සිතුවම් කල හැකිනම්
මම ගයනා මේ ගීතයෙ අර්ථය වැටහෙයි නම්
මේක රැඩිකල් ගීතයක් නෙමේ...

