Monday, August 31, 2009

ආදරයට වෙලාව ඇවිත්...



ජංගම දුරකථනය ඔබෙ, නිවා දමන්න
පාවහන් යුගල ඉවතට වීසිකරන්න
බැඳපු වරලස මුදා හරින්න
සයනය මතට ගොඩ වන්න
ජනෙල් තිර මම වස්සන්නම්
සියලුම දොර අගුළු දමන්නම්
සොඳුරිය මට ඉඩදෙන්න
ඔබෙ බඳ පටිය ලිහිල් කරන්න

ආදරයට වෙලාව ඇවිත්
අපේ වතාව ඇවිත්
ඔබේ ලඟට ඇවිත්
ඉඩ දෙන්න මට ඔබව
වලාකුළෙන් එහා තිබෙන
විමානයට රැගෙන යන්න

හිතේ තියෙන සියළු දත්ත
මකා දමන්න
මාව තදින් බදා ගන්න
ඔබෙ ආශාවන්ට ඉඩ දෙන්න
බිය නොවන්න සොඳුරිය
ශල‍යකර්මය වේගවත්
මම රහසක් පවසන්නම් ඔබට
මෙය මගෙත් ප්‍රතම වතාව

ආදරයට වෙලාව ඇවිත්
අපේ වතාව ඇවිත්
ඔබේ ලඟට ඇවිත්
ඉඩ දෙන්න මට ඔබව
වලාකුළෙන් එහා තිබෙන
විමානයට රැගෙන යන්න

Saturday, August 29, 2009

The Clown wants to know




hey Mr!
do have doubts about your spouse
is it like war inside your house
can you feel the world turning
and your dreams burning

hey woman!
do you have a purpose or a mission
or you just repeat Hollywood fashion
does your daddy give you money
or you helpless bunny

hey boy!
do you believe that your smart
can you even finish what you start
were you torched in school
no your not a fool

hey mother!
do you want your son to reach so high
if he mistreat you would you cry
what if he dies, before he even try
to make you satisfy

hey preacher!
do you interpret your lord
for your own benefits and rewards
your a bold killer with a sword
a complete fraud

hey you!
what will you do if you got cancer
would you say "
I'm sorry my father
I'm sorry my mother
I'm sorry my brother
I'm sorry my sister
I was wrong, all along "

Wednesday, August 26, 2009

අවසානය...



මෙය වේ අවසානය මගෙ ප්‍රිය සොඳුරිය
මෙය වේ අවසානය මගෙ එකම සොඳුරිය
අවසානය...

අපේ ව්‍යාකූල ජීවිත වල - අපේ කාලකණ්නි ජීවිත වල
මිහිතලය මත සියල්ලකම
අවසානය
මෙයින් ගැලවීමක් නැත අපට

මින් මතු මට ඔබේ දෑස් දැකීමට නොලැබෙනු ඇත
මින් මතු මට ඔබේ සියුමැලි ස්පර්ශය නොලැබෙනු ඇත

ඔබට ඔහුව පෙනෙනවද?
සර්ප විලසින් ඇදෙන
සුදුමැලි බිත්ති කොනෙන් පහළට, සෙවනැල්ලක් සේ බසින
කළුම කළු ඇස් රතු
දිලිසෙන රළු සමක් සතු
කෙමෙන් අප දෙසට එන මාර දිව්‍ය රජුව

මෙය වේ අවසානය මගෙ ප්‍රිය සොඳුරිය
මෙය වේ අවසානය මගෙ එකම සොඳුරිය
අවසානය...

අවාසනාවන්ත ජීවිත වල - අර්ථවිරහිත ජීවිත වල
අඳුරු දෙවියන්ගෙ සම්ප්‍රාප්තියට ප්‍රථම
සමරමු මේ මොහොත අප දෙදෙන

මින් මතු මට ඔබේ පහස ලබන්නට නොලැබෙනු ඇත
මින් මතු මට ඔබේ සොඳුරු ස්වර නොඇසෙනු ඇත

ඔබට එලොව පෙනෙනවද?
එලොවෙ නිදහස
එලොවෙ අසීමිත බව
සුදු ලොගුවක් පමණක් දැරූ, හිස මුඩු කල සුදු
නන්නාඳුනනයකුගෙ අත අල්ලාගෙන වෙරළෙන්
සයුර දෙසට යන ඔබගෙ නිරුවත් පිළිරුව

මෙය වේ අවසානය මගෙ ප්‍රිය සොඳුරිය
මෙය වේ අවසානය මගෙ එකම සොඳුරිය
මෙය වේ අවසානය
මෙය වේ අවසානය
අවසානය...

---especial thanks to Jim and the Doors---