Wednesday, September 2, 2009

මවකගෙ මතක සටහන්...



මට අඳ වගෙ මතකයි එදා
මගෙ දෑතට දුන් විට බබා
මට දැණුනු සැටි

මට අඳ වගෙ මතකයි එදා
මම අවදියෙන් සිට රෑ පුරා
මදුරුවන් එලවු සැටි

අද සැතපුම් ගනනක් ඈතින්
එපිට රටකට ඔවුන් ගොසින්
මේ පාළු නිවස තුළ තනියෙන්
මම එදා මතකයන් සමඟින්

මට අඳ වගෙ මතකයි එදා
චූටි දුවව ගෙන අතින් අල්ලා
පෙරපාසලට ඇරලවන සැටි

මට අඳ වගෙ මතකයි එදා
පළමු දින පාසලේ, ලොකු පුතා
මම එනවිට හැඬු සැටි

අද සැතපුම් ගනනක් ඈතින්
එපිට රටකට ඔවුන් ගොසින්
මේ පාළු නිවස තුළ තනියෙන්
මම එදා මතකයන් සමඟින්

මට අඳ වගෙ මතකයි එදා
සයිකලයෙන් වැටුන විට පුතා
විගස මම දුව ආ සැටි

මට අඳ වගෙ මතකයි එදා
වැන්ද පසු ලොකු ළමයෙක් වෙලා
දූව බඳා ගත්
සැටි

අද සැතපුම් ගනනක් ඈතින්
එපිට රටකට ඔවුන් ගොසින්
මේ පාළු නිවස තුළ තනියෙන්
මම එදා මතකයන් සමඟින්

මට අඳ වගෙ මතකයි එදා...
මට අඳ වගෙ මතකයි එදා...

2 comments:

  1. Its seems me to like y`day
    I nestled you ll in my arms
    Watches you as you grew up
    With unassuming charms

    I still that hear the patter
    Of your tiny soft white feet
    I hear your innocent chatter
    And the song you sang sweeter

    Our home is now so empty
    So quite and forlorn
    For the two of you have grown up
    And one by one you have gone

    I see your smiling faces
    In the picture on the wall
    They bring back wonderful memories
    From the time you were so small

    I miss you joke and laughter
    I miss you frank and fun
    I miss adorable children
    I miss you so much

    ReplyDelete
  2. ලස්සනයි..සන්වේදීයි

    ReplyDelete