
මනීෂා
මනීෂාගේ රෝස කම්මුල් දිගේ
ඇද හැලෙන දිය බිදුව ඇයගේ
ආදරයේ ආලෝකයෙන් මවයි දේදුන්නක්
මනීෂා
කැමතියි සා පැටවුන්ට අනේ
ආදම් සහ ඒවාගේ උයනේ
නැහැ ඇයට වැඩියෙන් සුරතල් සා පැටවෙක්
මනීෂා
ඇයගේ සිහින් කන් පෙත්ත වටේ
එතුනු දඟකාර කෙස් රොදේ
ස්පර්ශ කරයි හොරහින් තෝඩුවක්
මනීෂා
මනීෂයි මමයි හොර රහසේ
වගෙයි ඇගේ සුදු කමිසේ
එතුනු මල් මල් රටාවක්
as usual.........good one
ReplyDeletemekath lassanayi. denne danne mechchara hapanek kiyala.. adare hithenawa mea kawi walata.
ReplyDelete