
ඔබ සර්ප රැජිණිය විලසින්
ඇවිත් මගේ සයනයට සොරෙන්
කළු රුධිරය උරන අයුරු
දුටුවෙමි සිහිනෙන් සුදු...
ඔබගේ උද්‍යානයේ දිවෙන
වංකගිරියට ගොස් රැගෙන
මන් මුලා කරනු
දුටුවෙමි සිහිනෙන් සුදු...
මගෙ හොඳම යෙහෙළිය සමඟින්
ඔබ කාමුක විලසින්
සිප වැලඳ ගන්න අයුරු
දුටුවෙමි සිහිනෙන් සුදු...
හුදෙකලා ඇඳ මත මගේ
ඉකිබිඳින ගිටාරයේ
තත් ඔබ සිදින අයුරු
දුටුවෙමි සිහිනෙන් සුදු...
ඔබගෙ සීතල අවිය
මුදාහල ගිනියම් උණ්ඩය
මගෙ හදවත සිදුරු
කරයි සිහිනෙන් සුදු...
රජයන රැයක අන්ධකාරය
ඔබ ඔසවා මගේ ගිනියම් සිරුර
හිනැහෙමින් මිහිදන් කරන අයුරු
දුටුවෙමි සිහිනෙන් සුදු...
nice !
ReplyDeleteඋඹට කොහෙන් එන අයිඩියාද මන්දා... මැක්සා... මං දෙන්නං පබ්ලිසිටි පාරක්. :)
ReplyDeleteela machn...patta
ReplyDeleteනියමයි!
ReplyDelete