Tuesday, August 25, 2009

අපි දවසක යන්නේ නම් මිය, කුමටද මම වන්නේ බිය...



අහෝ! හරිම විහිළුවකි මේ ජීවිතය
අපි දවසක යන්නේ නම් මිය
කුමටද මම වන්නේ බිය
සොඳුරියගෙ පියයුරු ස්පර්ශ කිරිමට...

නිර්වාණය - බෞද්ධයෙකු නම් ඔබ
ස්වර්ගය - කිතුනිවෙකු නම් ඔබ
high එක - මගෙ සොඳුරිය නම් ඔබ
මේවා සොයා යාමට
ඇයි හිතෙන්නෙ මට කම්මැලි

අහෝ, හරිම අභියෝගයකි මේ ජීවිතය
අපි දවසක යන්නේ නම් මිය
කුමටද මම වන්නේ බිය
ප්රසිද්ධියෙ නිරුවත් වීමට...

ලෝකය යනු රඟ මඩලක්ය - ශේක්ස්පියර්
ලෝකය යනු බෝලයක්ය - පයිතගරස්
ලෝකය යනු ටොපියක්ය - සොඳුරිය
මට නම් බැහ වන්නට
තවත් එක සිරකරුවෙක්

අහෝ, හරිම දුෂ්කරයි මේ ජීවිතය
අපි දවසක යන්නේ නම් මිය
කුමටද මම වන්නේ බිය
සියදිවි නසා ගැනිමට...

3 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. Hik

    Good one as a Joke thought ;)
    otherwise.....you knw

    anyway you hv kind of different written style & thoughts. keep it up

    ReplyDelete
  3. මට මෙක කියවනකොට මතක් වෙනවා බන් සමන් ගුණ හේරක්ගේ බොල් පොළව කවි පොත
    දිගටම ලියන්න අසාවෙන් ලියවන්න පුලුවන් තවත් එක බ්ලොග් එකක්

    ReplyDelete