Wednesday, October 21, 2009

දායබර මුතූ...



දායබර මුතූ...
නිවාදමන්න ඔබෙ බැල්කනියෙ දැල්වෙන විදුලි බුබුල රතූ
දායබර මුතූ...
ඉවතලන්න තෙරපුණු ප්ලාස්ටික් කැබලි ඔබෙ පසුම්බියෙ රතූ
දායබර මුතූ...
පිසදා දමන්න තොල්පෙති වල ඔබ ඇතිරූ සායම් රතූ
දායබර මුතූ...
පුළුස්සා දමන්න රාත්‍රියට ඔබ පළදින අර සරාගී සළුව රතූ

මම මන්ගල ගවුම රැගෙන එන්නම්
ඔබට මගුල් මුදුව පලන්දන්නම්
ඔබෙ දරුවාට පියා වෙන්නම්
ඔබට හදවතින්ම ආදරය කරන්නම්

දායබර මුතූ...
අද සිට ඉඩ නොදෙන්න නන්නාඳුනනයන්ට ස්පර්ශයට සිරුර ඔබෙ පිවිතුරු
දායබර මුතූ...
අද සිට සැරි නොසරන්න පාළු විථි වල මැදියමෙන් පසු
දායබර මුතූ...
අද සිට මකා දමන්න ඔබෙ මතකයන් කුරිරු
දායබර මුතූ...
හෙට සිට බාර දෙන්න ගෙහිමියාට කාමරයෙ යතුර ඔබ සතු

අද රාත්‍රියට ඔබ සුවසේ නිදන්න
නව ජීවිතයක් ගැන සිහින දකින්න
හෙට උදෑසනින්ම අවදි වෙන්න
නිදහස් චතුරශ්‍රය ළඟට එන්න

based on Roxanne by Police

2 comments:

  1. විවර කරන්න මුතු
    ඔයාගෙ ඔය චූටි හුතු

    ReplyDelete