Monday, October 12, 2009
අළුයම...
ඔසවයි නැවතත් ඉහළටම
නිදිබර මැලියෙන් - විකටයන් කුඩාරම
සැරසෙයි සර්කසයට
දිගු කර රිදී අසිපත
පොළොව දෙසට - සතුරන් දෙසට
සක්‍ර කුමරුන් සැරසෙයි යුධයට
මග දෙපස නැවුම් විලසින්
රැයේදි පිබිදුනු මල් - පිනිබිදු වලට නැහැවෙමින්
දෙපසට සැලෙමින් සෙමෙන්
දුම්රිය හඬ ඇසෙයි නුදුරින්
දුම නැගෙයි අහසට - ඇදෙයි කෙමෙන් ඉදිරියට
දෙදරවමින් දෙරන
ඇය උණුසුමට සුවසේ
ඔහු තුරුල්ලෙ - සුදු සයනය මත
එතී ඇතිරිල්ලේ
නොදනුවත්ව ඇය ඇතුලත
මිලියන ගණනින් - නලියන ජීවය
සොයමින් සන්සාරය
Subscribe to:
Post Comments (Atom)
hmmmm!
ReplyDeleteNice one again
මොක ලිව්වත් උඹට සබ්ජෙක්ට් එකට එන්ටර් නොවී බෑ නේ...?
ReplyDeleteපරිස්සමෙන්... පැය 72යි ජීව කාලය...
ReplyDelete