Monday, October 12, 2009

අළුයම...



ඔසවයි නැවතත් ඉහටම
නිදිබර මැලියෙන් - විකටයන් කුඩාරම
සැරසෙයි සර්කසයට
දිගු කර රිදී අසිපත
පොළොව දෙසට - සතුරන් දෙසට
සක්‍ර කුමරුන් සැරසෙයි යුධයට

මග දෙපස නැවුම් විලසින්
රැයේදි පිබිදුනු මල් - පිනිබිදු වලට නැහැවෙමින්
දෙපසට සැලෙමින් සෙමෙන්
දුම්රිය හඬ ඇසෙයි නුදුරින්
දුම නැගෙයි අහසට - ඇදෙයි කෙමෙන් ඉදිරියට
දෙදරවමින් දෙරන

ඇය උණුසුමට සුවසේ
ඔහු තුරුල්ලෙ - සුදු සයනය මත
එතී ඇතිරිල්ලේ
නොදනුවත්ව ඇය ඇතුලත
මිලියන ගණනින් - නලියන ජීවය
සොයමින් සන්සාරය

3 comments:

  1. මොක ලිව්වත් උඹට සබ්ජෙක්ට් එකට එන්ටර් නොවී බෑ නේ...?

    ReplyDelete
  2. පරිස්සමෙන්... පැය 72යි ජීව කාලය...

    ReplyDelete