Saturday, November 27, 2010

අකමැති නම් අඩුමතරමේ ඒකට හේතුව කියල යන්න...





මම කියන්නෙ නැහැ ඔයාට මගේ
විප්ලවයට එකතු වෙන්න කියල
සටන් පාඨ කියවන්න කියල
ධජය අතට ගන්න කියල
මම කියන්නෙ ඔයා මට අකමැති නම්
අඩුමතරමේ ඒකට හේතුව කියල යන්න කියල

මම කියන්නෙ නැහැ ඔයාට මගේ
කවි කියවන්න කියල
ගීත ගයන්න කියල
මගේ පදේට නටන්න කියල
මම කියන්නෙ ඔයා මට අකමැති නම්
අඩුමතරමේ ඒකට හේතුව කියල යන්න කියල

මම කියන්නෙ නැහැ ඔයාට මට
සුදූ කියන්න කියල
එක පිට එක හාදු දෙන්න කියල
මාත් එක්ක මල් කඩන්න එන්න කියල
මම කියන්නෙ ඔයා මට අකමැති නම්
අඩුමතරමේ ඒකට හේතුව කියල යන්න කියල

මම කියන්නෙ නැහැ ඔයාට මගේ
සයනයට ගොඩවන්න කියල
බඳ පටිය ලිහන්න කියල
මාව තදින් බදන්න කියල
මම කියන්නෙ ඔයා මට අකමැති නම්
අඩුමතරමේ ඒකට හේතුව කියල යන්න කියල

මම කියන්නෙ නැහැ ඔයාට අනුන්ට
ඊරිසියා කරන්න එපා කියල
බොරු කියන්න එපා කියල
වෙන කොල්ලන් දිහා බලන්න එපා කියල
මම කියන්නෙ ඔයා මට අකමැති නම්
අඩුමතරමේ ඒකට හේතුව කියල යන්න කියල

මම කියන්නෙ නැහැ ඔයාට ඔයාගෙ
අම්ම තාත්ත අමතක කරන්න කියල
ඇඳුම් ආයිත්තම් පොදි බැඳගෙන මාත් එක්ක
පැනල යන්න එන්න කියල
මම කියන්නෙ ඔයා මට අකමැති නම්
අඩුමතරමේ ඒකට හේතුව කියල යන්න කියල

1 comment:

  1. උබේ පොත්ත සුදු නැතුව ඇති ???

    ReplyDelete