Saturday, November 27, 2010

crush...




මට කොච්චර බැන්නත්
මට කොච්චර රැව්වත
ඒයාගේ යහළුවන් ඉදිරියේ
මට සමච්චල් කලත්
මට එයාවමයි ඕනි

මේක හරිම පිස්සුවක්, අමුතු ගීතයක්, සාතන්ගේ සරදමක්
මේක ආදරේද කෑදරේද මට තේරෙන්නෙ නැහැ, නපුරු සිහිනයක්

මාව කොච්චර මඟහැරියත්
ගනන් නොගෙන හිටියත්
මට පෙනෙන්න වෙනත් උන් එක්ක
අල්ලාප සල්ලාපයේ යෙදුනත්
මට එයාවමයි ඕනි

මේක හරිම නස්පැත්තියක්, හරි විකෘතියක්, හරි විකාරයක්
මේක ආදරේද කෑදරේද මට තේරෙන්නෙ නැහැ, නපුරු සිහිනයක්

මට කන්න බොන්න බැහැ
මට නින්ද යන්නෙ නැහැ
අනේ මන්ද අයියෝ
මට හිතා ගන්න බැහැ

මට එයාවමයි ඕනි
මට එයාවමයි ඕනි
මට එයාවමයි ඕනි
මට එයාවමයි ඕනි
මට එයාවමයි ඕනි
මට එයාවමයි ඕනි

No comments:

Post a Comment