Saturday, November 27, 2010

crazy...




ඇය
මගේ හදවත ගලවා
අතට අරගෙන සොලවා
මොට බ්ලේඩ් තලයකින්
සිහින් තීරු තීරු වලට
සීරුවෙන් සෙමෙන්
කපා වෙන් කරන අතරතුර,
ඒ බ්ලේඩ් තලය අගිස්සෙන්
වැගිරෙන රුධිර බිදු වල
දිලිසෙන මතුපිට
මතට වැටෙන
ඇයගේ සිනහමුසු වත
පෙනෙන විට මට
දැනෙන්නේ පුදුම
සනීපයක්...

No comments:

Post a Comment