Wednesday, August 26, 2009

අවසානය...



මෙය වේ අවසානය මගෙ ප්‍රිය සොඳුරිය
මෙය වේ අවසානය මගෙ එකම සොඳුරිය
අවසානය...

අපේ ව්‍යාකූල ජීවිත වල - අපේ කාලකණ්නි ජීවිත වල
මිහිතලය මත සියල්ලකම
අවසානය
මෙයින් ගැලවීමක් නැත අපට

මින් මතු මට ඔබේ දෑස් දැකීමට නොලැබෙනු ඇත
මින් මතු මට ඔබේ සියුමැලි ස්පර්ශය නොලැබෙනු ඇත

ඔබට ඔහුව පෙනෙනවද?
සර්ප විලසින් ඇදෙන
සුදුමැලි බිත්ති කොනෙන් පහළට, සෙවනැල්ලක් සේ බසින
කළුම කළු ඇස් රතු
දිලිසෙන රළු සමක් සතු
කෙමෙන් අප දෙසට එන මාර දිව්‍ය රජුව

මෙය වේ අවසානය මගෙ ප්‍රිය සොඳුරිය
මෙය වේ අවසානය මගෙ එකම සොඳුරිය
අවසානය...

අවාසනාවන්ත ජීවිත වල - අර්ථවිරහිත ජීවිත වල
අඳුරු දෙවියන්ගෙ සම්ප්‍රාප්තියට ප්‍රථම
සමරමු මේ මොහොත අප දෙදෙන

මින් මතු මට ඔබේ පහස ලබන්නට නොලැබෙනු ඇත
මින් මතු මට ඔබේ සොඳුරු ස්වර නොඇසෙනු ඇත

ඔබට එලොව පෙනෙනවද?
එලොවෙ නිදහස
එලොවෙ අසීමිත බව
සුදු ලොගුවක් පමණක් දැරූ, හිස මුඩු කල සුදු
නන්නාඳුනනයකුගෙ අත අල්ලාගෙන වෙරළෙන්
සයුර දෙසට යන ඔබගෙ නිරුවත් පිළිරුව

මෙය වේ අවසානය මගෙ ප්‍රිය සොඳුරිය
මෙය වේ අවසානය මගෙ එකම සොඳුරිය
මෙය වේ අවසානය
මෙය වේ අවසානය
අවසානය...

---especial thanks to Jim and the Doors---

5 comments:

  1. හිතන්න පුලුවන් කවියක් ස්තුතියි අරවින්ද

    ReplyDelete
  2. thank u very much.
    after a long time watched some thing beautiful.
    created with lot of talent.
    Lanka

    ReplyDelete
  3. නියමයි මචන්.. ඇත්තටම මේකෙ අවසානයක් නෑ නේද?

    ReplyDelete