Monday, August 31, 2009

ආදරයට වෙලාව ඇවිත්...



ජංගම දුරකථනය ඔබෙ, නිවා දමන්න
පාවහන් යුගල ඉවතට වීසිකරන්න
බැඳපු වරලස මුදා හරින්න
සයනය මතට ගොඩ වන්න
ජනෙල් තිර මම වස්සන්නම්
සියලුම දොර අගුළු දමන්නම්
සොඳුරිය මට ඉඩදෙන්න
ඔබෙ බඳ පටිය ලිහිල් කරන්න

ආදරයට වෙලාව ඇවිත්
අපේ වතාව ඇවිත්
ඔබේ ලඟට ඇවිත්
ඉඩ දෙන්න මට ඔබව
වලාකුළෙන් එහා තිබෙන
විමානයට රැගෙන යන්න

හිතේ තියෙන සියළු දත්ත
මකා දමන්න
මාව තදින් බදා ගන්න
ඔබෙ ආශාවන්ට ඉඩ දෙන්න
බිය නොවන්න සොඳුරිය
ශල‍යකර්මය වේගවත්
මම රහසක් පවසන්නම් ඔබට
මෙය මගෙත් ප්‍රතම වතාව

ආදරයට වෙලාව ඇවිත්
අපේ වතාව ඇවිත්
ඔබේ ලඟට ඇවිත්
ඉඩ දෙන්න මට ඔබව
වලාකුළෙන් එහා තිබෙන
විමානයට රැගෙන යන්න

11 comments:

  1. නුරාව අවදි කරන අමුතු ලියමනක්
    සුභ පැතුම්...! දිගටම ලියන්න

    ReplyDelete
  2. I think you are in a grate battle between you and your mind about sex.

    ReplyDelete
  3. I always wonder abt your thoughts
    dnt you find anything from lovers than SEX??

    there are several things we could find between two lovers ...dnt you??

    the sad truth is you didnt

    ReplyDelete
  4. ලිංගිකත්වය හැම විටම ප්‍රේමය නෙවේයි.නමුත් ප්‍රේමය බොහෝ විට ලිංගිකත්වයයි...

    ReplyDelete
  5. @Thushara /
    මෝඩ තර්කයක්

    ප්‍රේමය කියන්නේ ලි0ගිකත්වයනම්.....ප්‍රේමකරන හැමෝ එක්කම ලි0ගික ක්‍රියාකාරකම් කරන්න ඔනේනෙ....

    ඒකද සැබෑ ප්‍රේමය ??

    තර්ක කරන්නේ මේ ලෝකෙ සැබෑ ප්‍රේමයක් නෑ කියලද ?

    ReplyDelete
  6. සොඳුරියSeptember 2, 2009 at 2:21 AM

    මොකද අනේ... ඔයානං හරිම හදිස්සිකාරයෙක්.

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. හදිසි වෙන්නේ නැතුව කොමද සුදු මේ වගේ වැඩවලට නැද්ද Mr. Comedy

    බඩුම තමා

    www.geethge.blogspot.com

    ReplyDelete
  9. @dolly
    ල්ංගිකත්වයෙන් තොර වෙච්ච ප්‍රේමය නෑ.එහෙම ඒවා තියෙන්නෙ හින්දි ෆිල්ම් වල.හැම දෙයකම මතුපිට අර්තයෙන් බලන කෙනෙකුට ඒක තේරුම් ගන්ඩ ගොඩක් අමාරුයි.

    "එක් අයෙකු කෙරිහි තවත් විරුද්ධ ල්ංගිකයකු තුළ හට ගන්නා කාය සංසර්ග රාගය කල් ඇවෑමෙන් තඩාගයෙන් පිපි පියුමක් සේ ප්‍රේමයක්ව වැඩුණු කල අනිකා ඊට ...."
    (මහාචාර්යය එදිරිවීර සරත්චන්ධ්‍ර )
    මනමේ විචාරය...

    ReplyDelete
  10. ඒ වුනාට මම නම් අහලා තියෙන්නේ "ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි, පාරිශුද්ධයිල සුරම්‍යයි" කියලා.....

    ReplyDelete