Saturday, November 27, 2010

මට ඔබව අවශ්‍යයි...




යෙසුස් අර කටු ඔටුන්න දරාගෙන
කුරුසය කර තබාගෙන
රතු රුධිරය වඟුරුවමින්
අකාරුණික අව්වට පිළිස්සෙමින්
අර කඳු මුදුනට
කසපහර කමින් යන විට
ඔහුගේ මුඛයට
එකම එක ජල බිදුවක්
අවශ්‍ය තරමට
මට ඔබව අවශ්‍යයි

ගොල්ඩ් ෆිෂ් මත්ස්‍යයෙක්
පසු මිනිත්තු කිහිපයක්
දැවෙන බුමුතුරුණක් මත
ජල බන්දේසියෙන් පිටත
ගැහෙමින්, යමින් ඉහළට පහළට
උගේ අවසන් සුසුම් පොද හෙලනවිට
උගේ සිරුරට
එකම එක ජල බිදුවක්
අවශ්‍ය තරමට
මට ඔබව අවශ්‍යයි

ඔබගෙත් මගෙත් නිසල
සොහොන් කොත් යුගලය අසල
කළු කර්කෂ රළු පාෂාණයක්
මත වැඩෙන රතු රෝස ගසක්
මත මොහොතකින් පොළවට
වියළී කෙමෙන් හැලෙනට
යන රතු රෝස මලට
එකම එක ජල බිදුවක්
අවශ්‍ය තරමට
මට ඔබව අවශ්‍යයි

1 comment:

  1. ආදරේ කියන්නේ තණ්හාවේ උපරියමය lol මොනවා කරන්නද දුක තමයි නේ.

    ReplyDelete